බැඳුම්කර කොමිසමට විදේශ විශේෂඥයෝ ගෙන්වන්න තිබුණා – රාජිත

    November, 22, 2017

    බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ජනාධිපති කොමිසමට විදේශ විශේෂඥයින් ගෙන්විය යුතුව තිබුණු බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. අද (22) දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    “මේක හින්දා තමයි ජනාධිපතිතුමා මේ කොමිසම දැම්මේ. මම නං දන්න විදියට ඔක්කෝටම ඉස්සෙල්ලා විදේශීය විශේෂඥයෝ ගෙන්වන්න තිබ්බා, මේක විභාග කරන්න කියලා. මේ රටේ ඉන්න කට්ටිය නෙමෙයි,මේවා පිළිබඳව දන්න හොඳ විශේෂඥ එක්ස්පර්ට්ලා ඉන්නවා ලෝකේ. මෙහෙම බොන්ඩ්ස් නෙමෙයි ඒ රටවල කරන්නේ. ඒ රටවල මේ වගේ සියගුණවල්වල බොන්ඩ්ස් කරනවා. ඒ වගේ එක්ස්පර්ට්ස්ලා ගෙනල්ලා, මේ ගැන එක්සැමිං කරලා වාර්තා ඉල්ලන්න තිබුණේ.“

    “මේ කොමිසමේ වැඩිහරියක් කතා කළේ එක එක්කෙනා ගෙවල් ගත්ත හැටියි. ටෙලිෆෝන් කෝල් දුන්නයි, එකක්වත් වැඩක් නැහැ මේ රටේ ආර්ථිකයට. මේකේ වැදගත්ම දේ, මේක කොච්චර පාඩු ද ලාභ ද මොකද වුණේ මේක කියල හොයාගන්න. ඒකට කාට කතා කළාද, කාත් එක්ක කෑවා බිව්වාද, කාට හරි ගෙයක් අරන් දුන්නාද, ඒක නෙමෙයි. එතනදී ව්‍යාපාරිකයෙකුට ලාභයක් එන්න පුළුවන්, ඒකෙනුත් කියන්න බැහැ, ආර්ථිකයට කොච්චර පාඩු වුණාද කියලා.