බැඳුම්කර කොමිසම සතියකට කල් යයි

    August, 17, 2017

    භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ඉදරි සාක්ෂි විමසීම් සතියකින් කල් දැමීමට අද (17) දින තීරණය කරන ලදී.

    ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීමකට අනුව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා කොමිසමේ කටයුතු මේ අනුව සතියකින් කල් තබා ඇත.

    මෙහිදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසමට දැනුම් දී ඇත්තේ විමර්ෂන කටයුතු අධ්‍යයනය කිරීමට ඇති විශාල ලේඛන ප්‍රමාණය හේතුවෙන් මෙම ඉල්ලීම සිදුකරනු ලබයි.

    පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ පටිගත කරන ලද හඬපට 240,000 ක පමණ ප්‍රමාණයක් අධ්‍යයනය කිරීමට ඇති බව මෙහිදී වැඩිදුරටත් පැවසූ දප්පුල ද ලිවේරා මහතා, පර්පචුවෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වූ කසුන් පලිසේන මහතාගේ සාක්ෂි සහ ඔහු සම්බන්ධ විමර්ෂන කටයුතු සඳහා කාලයක් අවශ්‍ය වන බැවින් කොමිසමේ කටයුතු මෙලෙස කල් දමන ලෙස ඉල්ලා සිටියේය.

    මේ අනුව 2017 අගෝස්තු 25 වන දින උදෑසන 10 ට කොමිසම යළි රැස් වීමට නියමිතය.