බැඳුම්කර නිකුතු පිළිබඳ වෝහාරික විගණන සිදුකරන්න මුදල් මණ්ඩලය තීරණය කරයි

    January, 11, 2018

    2008 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ සිදු වූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් සහ 2016 මාර්තු මාසයේ පැවැත් වූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් වෝහාරික විගණනයන් සිදු කිරීමට මුදල් මණ්ඩලය විසින් පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.

    ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව නිවේදනය කර සිටින්නේ 2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ භාණ්ඩාගාැ බැඳුම්කර නිකුත් කිරීම් පරීක්ෂා කිරීම, විමර්ෂනය කිරීම සහ වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති කොමිසමේ නිර්දේශ සම්බන්ධවත්, රාජ්‍ය ණය සහ සේවක අර්ථ සාධක අරමුදල කළමනාකරණය කිරීම සහ පාලනය කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධවත් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.

    අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.