July, 30, 2020
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (30) දින කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රු. මිලියන 103,210 ක ලංසු අනුමත කිරීමට පියවර ගෙන තිබුණි. රු. මිලියන 110,000 ක බැඳුම්කර ප්‍රමාණයක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණි.
වසර 2 මාස 3 ක පරිණත කාලයෙන් යුතු කාණ්ඩය යටතේ රු. මිලියන 45,000 ක බැඳුම්කර ප්‍රමාණයක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණ ද ලංසු පිළිගෙන තිබුණේ රු. මිලියන 38,210 ක ලංසු පමණි.
මීට අමතරව වසර 5 මාස 6 කාණ්ඩය යටතේ රු. මිලියන 35,000 ක බැඳුම්කර හා වසර 7 කල්පිරෙන කාලයට අදාළව රු. මිලියන 30,000 ක බැඳුම්කර, වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු අතර එම සම්පූර්ණ ප්‍රමාණයටම අදාළව ලංසු අනුමත කර තිබේ.
Video Story