බැඳුම්කර වෙන්දේසි අලුත් ක්‍රමයකට

    July, 28, 2017

    අද සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි නව ක්‍රමයකට සිදුකරනු ලබන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඊයේ පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

    “වෙනස් පරිණත කාලයන්ගෙන් යුත් භාණ්ඩාගාර බැඳුම්කර කාණ්ඩ 2 ක් පමණක් එක් එක් මාසික වෙන්දේසියට ඉදිරිපත් කරනවා. නව ක්‍රමයට හැම මාසෙම 15 වෙනිදා පමණක් බැඳුම්කර නිකුත් කරනවා“, යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.