බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය කොළඹදී ආරම්භ වෙයි

    October, 17, 2019

    2019 බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයෙහි සමාරම්භක උත්සවය කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දි අද (ඔක්තෝම්බර් 17) දින පැවැත්විණි.  සමාරම්භක උළෙල සඳහා බිග් බෑඩ් වුල්ෆ් නිර්මාතෘ ජැකලින් Ng හා ඇන්ඩෘ යැප්, බිග් බෑඩ් වුල්ෆ් ශ්‍රී ලංකා සහකාර දීපක් මාධවන් හා ප්‍රෝරීඩ් ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මෙන්ම බිග් බෑඩ් වුල්ෆ් ශ්‍රී ලංකා සහකාර නිශාන් වාසලතන්ත්‍රී ගෞරවනීය ආරාධිත අමුත්තන් වශයෙන් එක් වූහ.

    ඔක්තෝබර් 18 වැනිදා සිට 28 වැනිදා දක්වා මහජනතාව වෙනුවෙන් විවෘතව පවතින ප්‍රදර්ශනය සතියේ දිනවල පෙ. ව. 10 සිට ප.ව. 10 දක්වාත් සති අන්තයේ අඛණ්ඩව පැය 24මද විවෘතව පවතී. දින එකොළහක් පුරා පවතින ප්‍රදර්ශනයේදී, සියයට 50 සිට සියයට 90 දක්වා වට්ටම් පිරිනැමේ. ප්‍රදර්ශනය සඳහා ඇතුළත් වීම සම්පූර්ණයෙන්ම නොමිලේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතුව පැවැත්වෙන බිග් බෑඩ් වුල්ෆ්  ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු වශයෙන් සම්පත් බැංකුවද, නිල ජංගම දුරකතන සහකරු ලෙසින් මොබිටෙල්ද, නිල ප්‍රවාහන සැපයුම්කරු ලෙසින් යූ කැබ් ද සම්බන්ධ වූහ.

    සමාරම්භක උළෙලේදී අදහස් දක්වමින්, බිග් බෑඩ් වුල්ෆ් නිර්මාතෘ ජැක්ලින් Ng සඳහන් කළේ මෙසේයි. “යළිත් වරක් පොත් ප්‍රදර්ශනය කොළඹ පැවැත්වීමට ලැබීම අප ලද වරප්‍රසාදයක්. ශ්‍රී ලංකාවේ තුන්වැනි වතාවට පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය පිළිබඳ අපි මහත් බලාපොරොත්තු තබා සිටිනවා. අපි හැම කෙනෙක්ටම මෙවර ප්‍රදර්ශනයට ආරාධනා කරනවා, පහුගිය දෙවතාවෙම ඒ සඳහා සහභාගී වීමට නොහැකි වූ අයට අපි විශේෂයෙන් මෙවර ප්‍රදර්ශනය සඳහා ආරාධනා කරනවා. කියවීමටත් ඉන් දැනුම ළඟා කර ගැනීමටත් පුරුදුව සිටින පිරිස සඳහා බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය හොඳම වේදිකාවක් වෙනවා. ඒ වගේම, බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශයෙන් තමන්ගේ මුල්ම ඉංග්‍රිසි පොත මිලදී ගත්ත කුඩා පාඨකයින් අද වන විට හොඳ පාඨකයින් බවට පත්වී සිටිනවා. මේ වසරේ ප්‍රදර්ශනයට පැමිණ අලුත්ම තේමාවලින් යුතුව අපි ඉදිරිපත් කරන පොත් මිලදී ගන්න කියලා අපි හැමෝටම ආරාධනා කරනවා.”

     

    ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් 2017 වසරේම, එය ඉමහත් සාර්ථකත්වයට පත් විණි. ලොව විශාලතම පොත් ප්‍රදර්ශනය යන හැඳින්වීම ලද බිග් බෑඩ් වුල්ෆ්, මේ වසරේ, ලොව ප්‍රකට ප්‍රකාශකයින් වෙතින් ප්‍රකාශයට පත් කෙරෙන, සාහිත්‍යය, ගෘහ නිර්මාණ ශිල්පය, විද්‍යාව, නව ‍යොවුන්, ළමා, ප්‍රබන්ධ, ප්‍රබන්ධ නොවන‍ ආදි  පොතපතද, කොෆි ටේබල් පොත්ද, ඇතුළුව මිලියන 1.6 කට අධික අලුත්ම ඉංග්‍රීසි පොත් ගොන්නක් රැගෙන පැමිණ සිටී.

    මුල්ම වතාවට, මහජනතාවට, සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කර, AMEX (ඇමරිකන් එක්ස්ප්‍රස්) ප්ලැටිනම්, 25X Ultramiles කාඩ්පත් හිමියන්ට, මාස 12 න් ගෙවා අවසන් වන පරිදි කොටස් වශයෙන් ගෙවා පොත පත මිලදී ගැනීමේ හැකියාව පවතී. එමෙන්ම, WePay මගින් සියයට 5 ක වට්ටම් සහිතව ගෙවීම් කළ හැකිය.  මෙමගින්, වඩා වැඩි පිරිසකට තමන්ගේ ප්‍රියතම පොත් කිසිදු බාධාවකින් තොරව, මිලදී ගැනීමේ පහසුකම ළගා කර දීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

    මේ වසරේ, විශේෂයෙන් සඳහන් කළ යුතු තවත් කරුණක් වන්නේ, දරුවන් සඳහාම නිර්මාණය කෙරුණු AR පොත් පෙළක් හඳුන්වා දීමයි. මෙම පොත් පෙළ, අනාගත පරපුරේ පාඨක විප්ලවය වෙමින්, නවීනතම තාක්ෂණයද මුසු කරගනිමින්, පෙර පාසල් වයසේ දරුවන් සඳහා එන පොත් පෙළක් ලෙසින් නිර්මාණය කර ඇත්තේ,‍ කුඩා පාඨකයින්ට ගීත කියමින්, ඉගෙන ගනිමින් පොත් කියවීමේ අවස්ථාව උදා කරමිනි.  තේමාවන් 13 ක් යටතේ ඇති පොත්වලින්‘ලිට්ල් රෙඩ් රයිඩින් හුඩ්‘ හෝ ‘ලෙට්ස් ලර්න් ඇල්ෆබට් A.B.C,  වැනි ලොව පුරා ජනප්‍රිය පොත්  සොයා ගැනීමට දෙමව්පියන්ට හැකියාව පවතී. Augmented Reality පොත් සම්පූර්ණ, ක්‍රියාකාරී කියවීමේ අත්දැකීමක් සඳහා වයස අවුරුදු 1-5 අතර දරුවන්ට, ගැලපේ.

     

    ලංකාවේ අධ්‍යාපනය නගා සිටුවීමෙන් වෙනසක් සිදු කිරීම බිග් බෑඩ් වුල්ෆ් හි අපේක්ෂාව වන නිසා, මේ වතාවෙදි ඔවුන්, අම්පාර, මඩකලපුව, කොළඹ හා මුලතිව් වැනි රටේ ප්‍රධාන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක සුබසාධක සංගමයක් වන ‘සෙන්ටර් ඔෆ් හෝප්' සමගින් එක්ව සිටිනවා. පොත් 500 ක් පරිත්‍යාග කිරීමෙන් බිග් බෑඩ් වුල්ෆ් ආරම්භ කරන එම කටයුත්ත සඳහා පොත් ප්‍රදර්ශනයේ වෙන්කළ ස්ථානයකදී දායක වීමට පාඨකයින්ටත් අවස්ථාව තිබෙනවා

     

    තවද  පාඨකයින්ගේ පහසුව පිණිස බම්බලපිටිය බස් නැවතුම් පළ ආසන්නයේ සිට (විසාකා විද්‍යාලය ඉදිරිපිට) බොරැල්ල බස් නැවතුම් පළ (ලංකා බැංකුව ආසන්නයේ) දක්වා නොමිලයේ බස් සේවාවක්ද උදෑසන 8.30 සිට රාත්‍රී 8.00 දක්වා ක්‍රියාත්මක වේ. ප්‍රදර්ශනයට සහභාගී වන සියලු දෙනා හට පීසා හට් , CBL Kothu, අක්බාර් තේ,  එලිෆන්ට් හවුස්, Norfolk Foods ඇතුළු ආහාර පාන රැසක අත්දැකීම විඳ ගැනීමටද හැකියාව ලැබේ.

     

    ඒ හැරුණු විට,http//bigbadwolfbooks.com/lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් බිග් බෑඩ් වුල්ෆ් කණ්ඩායම් සාමාජිකත්වය ලබා ගැනීමෙන් සුවිශාල වාසි අත්විඳීමට පාඨකයාට අවස්ථාව තිබේ.

     

    බිග් බෑඩ් වුල්ෆ් සමාජ මාධ්‍ය-

     

    ෆේස් බුක්-  http/facebook.com/bbwbookssrilanka

    ඉන්ස්ටර්ග්‍රෑම්- http//www.instagram.com/bigbadwolfbooks.lk