බිබිල සීනි සංවර්ධන ව්‍යාපෘතිය සූදානම්

    April, 24, 2015

    ගොවි පවුලකට මාසයකට රුපියල් 60,000 ක සිට 80,000 ක ආදායමක් ලබාගැනීමට හැකිවන පරිදි “බිබිල සිනී සංවර්ධන ව්‍යාපෘතිය“ නමින් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය සූදානම් වේ.

    බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද සහ අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව හා මහඔය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ සීනි නිෂ්පාදනය සඳහා උක් වගා කිරීම හා ඒ සමග මිශ්‍ර භෝග වගාකිරිම, කිරි ගව පාලනය, ග්ලිඩිසීරියා වගාව එහි දඩුවල ඉවතලන කොටස් යොදාගනිමින් පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය කිරීම මෙම ව්‍යපෘතියේ ප්‍රධාන ක්‍රියාකාරකම් වේ.

    මේ යටතේ එක් ගොවියෙකුට හෙක්ටයාර 2.5 ක පමණ ඉඩම් කොටසක් ලබාදෙන බව රජය සඳහන් කරයි.