බියර් හා වයින් බලපත්‍ර ලිහිල් කිරීමේ තීරණයක්

    September, 25, 2017

    ඉදිරි මාස 3-4 ඉලක්ක කර ගනිමින් දැවැන්ත නිෂ්පාදනයකට බියර් සමාගම් මුලපුරා ඇති බවත් ඉදිරි අයවැයෙන් සංචාරක අමාත්‍යාංශයේ අනුදැනුම පරිදි බියර් එසේත් නැතිනම් soft liquor බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධ රෙගුලාසි ලිහිල් කිරීමට සැලසුම්ක් ඇති බවට ආරංචි වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා, සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගෙන් ප්‍රශ්න කර සිටියේ එවැනි සැලසුමක් තිබේද යන්නයි.

    මීට පිළිතුරු දෙමින් සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මෙසේ පැවසීය.

    “මෙතුමා සංචාරකයෝ එන රටවල ඇවිද්දොත්, හැම කඩේකම වයින් බියර් ගන්න පුළුවන් ගැටළුවක් නැතුව. මේ ලංකාවේ තමයි ලයිසන් දාගෙන විශාල මුදල් ආයතනවලින් අයකරගන්නේ. දැන් ඉතිං හොර රහසේ විකුණනවා හැමතැනම. මේක වළක්වන් න තමයි විශේෂයෙන්ම අරක්කු විස්කි වගේ තදබල ඒවාට නැතුව බියර් සහ