බිල් පොළිය පහළට

    May, 3, 2017

    අද (03) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලයන 33,000 ක ලංසු අනුමත කිරීමට රාජ්‍ය ණය දෙපාර්තසේන්තුව පියවර ගන්නා ලදී.
    මෙහිදී දින 91 පරිණත කාලයෙන් යුතු බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණේ නැත.

    දින 182 පරිණත කාලයෙන් යුතු භාණ්ඩාගාර බිල්පත් සඳහා ලැබුණු ලංසුවලින් රුපියල් මිලියන 16,000 ක ලංසු අනුමත කෙරුණු අතර දින 364 බිල්පත් සඳහා රුපියල් මිලියන 17,000 ක ලංසු අනුමත වී තිබේ.

    මෙහිදී දින 182 බිල්පත් පොළිය සියයට 10.70 සිට සියයට 10.53 දක්වා ද, දින 364 බිල්පත් පොළිය සියයට 11.02 සිට සියයට 10.83 දක්වා ද පහළ ගොස් ඇත.

    Press-Release-03.05.2017-(S