බිල් පොළිය පහළට

    April, 6, 2016

    අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී, පසුගිය සතියට සාපේක්ෂව පොළී අනුපාතික පහළ ගොස් තිබේ.

    මෙහිදී දින 91- 8.9% සිට 8.47% දක්වා, දින 182 - 9.76% සිට 9.57% දක්වා සහ දින 364 - 10.64% සිට 10.23% දක්වා පහළ ගොස් ඇත.

    අද පැවති වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 20,000 ක භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කර තිබූ අතර වෙන්දේසිය සඳහා ඉදිරිපත්ව තිබුණු මුලු ලංසු වටිනාකම රුපියල් මිලියන 81,907 කි. මෙයින් රුපියල් මිලියන 31,994 ක ලංසු භාර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇත.