බිලියන 5 ක ආයෝජනයකින් දම්රෝ, වැවිලි කර්මාන්තයට පිවිසෙයි

    March, 28, 2017

    මෙරට ප්‍රමුඛ පෙළේ ගෘහ භාණ්ඩ නිෂිපාදකයෙකු හා දකුණු ආසියාවේ විශාලතම ගෘහ භාණ්ඩ අලෙවි ජාලයට හිමිකම් කියනු ලබන දම්රෝ, සිය ආයෝජන උපක්‍රමික වෙනසකට භාජනය කරමින් වැවිලි කර්මාන්තයට පිවිසෙන ලදී.

    මෙහිදී රුපියල් බිලියන 4.7 ක ආයෝජනයකින් පුස්සැල්ලාව වැවිලි සමාගමේ කළමනාකරණ නියෝජිතයා වන FLMC Plantations Ltd හි 45.1% ක කොටස් හිමිකාරීත්වය සහ අගලවත්ත වැවිලි සමාගමේ 61.1% ක කොටස් හිමිකාරීත්වය දම්රෝ සමූහය විසින් අත්පත් කර ගෙන ඇත. ඒ වෙනුවෙන් සිදු කර ඇති ආයෝජනය රුපියල් මිලියන 275 කි.

    මෙම සමාගම් ද්විත්වය බ්‍රවුන්ස් කැපිටල් පීඑල්සී සතුව පැවති ඒවා වේ.

    දම්රෝ සමූහයේ සමාගම් වන D.R. Investments (පුද්) සමාගම, Piyestra Furniture Ltd, D.R. Furniture Manufacturing Ltd.සහ D.R.M. Manufacturing Ltd. මෙම කොටස් මිල දී ගැනීම් සඳහා දායක විය.