බිලියන 6 ක HNB ණයකර නිකුතුවට අධි ඉල්ලුමක්

    October, 25, 2016

    හැටන් නැෂනල් බැංකුව විසින් රු. 100 බැගින් නිකුත් කරන ලද ණයකර මිලියන 50 ක් වෙනුවෙන් අධිදායකත්වයක් ලැබී ඇතැයි වාර්තා වේ.

    මෙහිදී අධිදායකත්වයක් ඇතිවුවහොත් තවත් මිලියන 10 ක ණයකර නිකුතුවක් සඳහා විකල්පයක් ද සමඟින් දියත් වූ මෙම නිකුතුව සඳහා රුපියල බිලියන 6 කට අධික වටිනාකමකින් යුතු අයදුම් ලැබී ඇතැයි බැංකුව විසින් කොළඹ කොටස් වෙළඳපොළ වෙත දන්වා තිබේ.

    මෙම නිකුතුව අද (25) සවස 4.30 ට අවසන් වීමට නියමිතය.