බිස්නස් ටුඩේ ටොප් 30 වර්ගීකරණයේ දෙවන ස්ථානය කොමර්ෂල් බැංකුවට

    December, 5, 2016

    ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් ව්‍යාපාරික සඟරාවක් වන බිස්නස් ටුඩේ විසින් 2015-16 මූල්‍ය වසර වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ලයිස්තුගත සමාගම් 30 ලැයිස්තුවේ පිට පිටම සිව්වන වරටත් දෙවන ස්ථානයට පැමිණීමට කොමර්ෂල් බැංකුව සමත්වී තිබේ.

    ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ මිණුම් ලකුණක් ලෙසින් සැලකෙන කොමර්ෂල් බැංකුව ‘බිස්නස් ටුඩේ’ වර්ගීකරණයේදී මූල්‍ය කාර්ය සාධනය අනුව ප‍්‍රමුඛතම ලයිස්තුගත සමාගම් පහ අතරට තේරී පත්වූ පිට පිටම නම වන වසර මෙයයි.

    මෙම වර්ගීකරණයේදී කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගතව තිබෙන සමාගම් විසින් එළිදක්වා තිබෙන තොරතුරු පදනම් කරගන්නා අතර වර්ගීකරණය KPMG Ford Rhodes, Thornton & Co. සමාගමේ සහයෝගය සමග සකස් කරනු ලැබේ. මේ අනුව, මෙම වර්ගීකරණයේදී කාර්ය සාධනය මැනීම සඳහා භාවිතා කළ මූල්‍ය මිණුම් ලෙස කොටස් පිරිවැටුම, ආදායම, බදු වලට පසු ලාභය, කොටසකට අදාළ ලාභය, කොටසකට අදාළ ඉපැයුම්වල වර්ධනය, වෙළෙඳ පොළ ප‍්‍රාග්ධනීකරණය සහ අගය එකතු කිරීම දැක්විය හැකිය. මෙම මිණුම් වලට අදාළව රැුස්කර ගත් ලකුණු ප‍්‍රමාණය අනුව ලයිස්තුගත සමාගම් ලබාගත් ස්ථානයන් අනුපිළිවෙලට සකස් කර තිබේ.

    ‘බිස්නස් ටුඩේ’ වර්ගීකරණයට අනුව 2015-16 මූල්‍ය වසරේදී ඉහළම කාර්ය සාධනයක් පවත්වාගත් සමාගම් 30 අතර දෙවන ස්ථානයට පත්වීමේදී කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක විවිධාංගීකරණය වූ ව්‍යාපාරික සමූහ, බහු ජාතික සමාගම් සහ අනිකුත් මූල්‍ය සේවා සමාගම් කිහිපයක් ඉදිරියෙන් සිටීම කැපී පෙනේ.

    මෙම වර්ගීකරණය සඳහා සලකා බලන ලද වසරේදී කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන 11.903 ක ශුද්ධ ලාභයක් සහ රුපියල් බිලියන 17.144 ක බදු වලට පෙර ලාභයක් වාර්තා කර තිබේ. මීට අමතරව, 2015 දෙසැම්බර් 31 වනදා වනවිට බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම රුපියල් බිලියන 880 ක් විය.

    ‘‘බිස්නස් ටුඩේ ටොප් 30 වැනි ඉතාමත් පරිස්සමින් විගණනය කළ කාර්ය සාධනය පදනම් කරගත් වර්ගීකරණයන් මගින් අපගේ කාර්ය සාධනය, විවිධාංගීකරණය වූ සමාගම් ඇතුළු පුළුල් ලයිස්තුගත සමාගම් මාලාවක් සමග සංසන්දනය කිරීමට උපකාරී වෙනවා.’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී සහ විධායක අධ්‍යක්ෂ එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘‘මෙම වර්ගීකරණයේ අඛණ්ඩවම ඉහළින්ම සිටීමට අපට හැකිවීම තුළින් පෙන්නුම් කරන්නේ කොමර්ෂල් බැංකුවේ සමස්ත කණ්ඩායමේ ශක්තියයි.’’

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ බැංකු ශාඛා 251 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 650 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හොදම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, 2016 නොවැම්බර් මාසයේදී බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ ආරම්භ කරන ලදී.

    කොමර්ෂල් බැංකුවේ සභාපති, ධර්ම ධීරසිංහ මහතා (මැද) සහ කළමනාකාර අධ්‍යක්ෂ ජෙගන් දුරෙයිරත්නම් මහතා ‘බිස්නස් ටුඩේ’ සම්මානය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් ලබාගනී.