බී පී පී එල් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත වීම සමරයි

    April, 6, 2017

    පින්සල්/බුරුසු නිෂ්පාදක සහ අලුත් වැඩියා නඩත්තු මෙවලම් අපනයනකරුවකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන බී පී පී එල් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් (BPPL) සමාගම පසුගියදා (04) කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සීනුව නාද කොට සමාගමේ කොටස් ප්‍රථම වරට ලැයිස්තු ගත විම සමරන ලදී.

    බී පී පී එල් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් (BPPL) සමාගම නියෝජනය කරමින් සභාපති සරත් අමරසිංහ මහතා, කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා සහ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්ව පිරිස්ද මෙම අවස්ථාවට සහභාගී විය. බී පී පී එල් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් (BPPL) සමාගමෙහි මුලික නිකුතුවෙහි කලමණාකාරිත්ව ක්‍රියාවලියට මුලිකත්වය දෑරු CT CLSA Capital සමාගමෙහි ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිස්ද සීනුව නාදකිරීමේ උත්සවයට සම්බන්ධ විය. කොළඹ කොටස් වෙළෙඳපොළ නියොජනය කරමින් සභාපති වජිර කුලතිලක මහතා, අධ්‍යක්ෂ එම්. ආර්. ප්‍රේලීස් මහතා, ප්‍රධාන විධායක නිලධාරි රජිව බණ්ඩාරනායක මහතා සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්ව පිරිස්ද මෙම අවස්ථාවට එක් විය.

    බී පී පී එල් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළට සම්ප්‍රාප්ත වීම පිළිබඳව සුබ පතමින් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සභාපති වජිර කුලතිලක මහතා කියා සිටියේ එම සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත වීමත් සමග කොටස් හිමියන්ගේ අයිතින් රැකගැනීමට සහ ප්‍රතිලාභ තහවුරැ කර දිමට කටයුතු කල යුතු බවත්ය. නිෂ්පාදිත ක්ෂෙත්‍රයක තුලින් රටකට ඇති ප්‍රබල පිටුවහල ගැන අගය කරමින් වජිර කුලතිලක මහතා වැඩිදුරටත් පවසා සිටියේ BPPL සමාගම දැනට කොළඹ කොටස් වෙළෙඳපොළෙහි පවතින නිෂ්පාදිත ක්ෂෙත්‍ර සමාගම් ලැයිස්තුවට එක්වීම ඉතාමත් සුභදායක ආරංචියක් බවය.

    සමාගම කෙරෙහි විශ්වාසයක් තැබූ නවතම කොටස් හිමියන් සදහා BPPL සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා ස්තුතිය පළ කළේය. එසේම එතුමා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ සේවක මණ්ඩලය විසින් දීර්ඝ කාලීනව සමාගමට දැක්වූ ඉමහත් කාර්යභාරය ඇගයිමකට ලක් කළේය. “ මෙය තවමත් අපගේ පටන් ගැන්මයි. ඉදිරියෙදී ඉතාමත් සාර්ථක වැඩපිළිවෙල් අපේක්ෂා කරනවා. සෑම පියවරකදීම අපගේ සියළුම පාර්ශවකරුවන් හට වැඩි ප්‍රගතියක් සහ වැඩිප්‍රතිලාභයක් ලබාදීමට අප සැමවීටම කටයුතු කරනවා.” යනුවෙනි.

    ඡායාරූපය : වමේ සිට දකුණට : කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජිව බණ්ඩාරනායක මහතා, BPPL විධායක අධ්‍යක්ෂ බී.ඩි. ප්‍රසාද් දේවප්‍රිය පෙරේරා මහතා, BPPL මුල්‍ය අධ්‍යක්ෂ වෛත්‍යලීංගම් සෙල්වරාජ් මහතා, BPPL සභාපති සරත් අමරසිංහ මහතා, BPPL කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා, CSE සභාපති වජිර කුලතිලක මහතා, CT CLSA Capital උපදේශක මැරියන් පේජ් මහත්මිය, CSE අධ්‍යක්ෂ එම්. ආර්. ප්‍රේලීස් මහතා සහ CT CLSA Capital ප්‍රධාන විධායක නිලධාරී සකිර් මොහොමඩලී මහතා