“බුද්ධිමත් ආයෝජනයකින් උපරිම ප්‍රතිලාභයක්”- ආයෝජක හමුව, මීගමුව

    July, 26, 2017

    කොටස් වෙළෙඳපොළ ආයෝජනය හා එහි වර්තමාන ප්‍රතිලාභයන් සහ වර්ධනයන් පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමේ අරමුණෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව සංවිධානය කරනු ලබන ආයෝජන අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන මීගමුව Grandeeza, හෝටලයේදී  ජූලි 29 වන සෙනසුරාදා පෙ.ව 8.30 සිට ප.ව 10.30 දක්වා පැවැත්වේ.

    සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන අයකිරීමකින් තොරව පැවැත්වෙන අතර වර්ධනය වන වෙළෙඳපොළක ප්‍රතිලාභයන් උපරිමව ළඟා කරගැනීම පිළිබදව අවබෝධයක් ලබාගැනීමට මීගමුව හා අවට විසිරී සිටින ආයෝජකයින්ට කොළඹ කොටස් වෙළෙඳපොළ හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ආරාධනය කර සිටියි.

    කොටස් වෙළෙඳපොළෙහි දැනටමත් ආයෝජනය කර තිබෙන ආයෝජකයින්ට වර්තමාන වෙළෙඳපොළ තත්වය වටහා ගැනීමටත් නව ආයෝජකයින්ට ඒ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු දැනගැනීමටත් මෙය අනගි අවස්ථාවක් වනු ඇත. මේ මඟින් කොටස් වෙළෙඳපොළ ආයෝජනය පිළිබඳ න්‍යායික මෙන්ම ප්‍රායෝගික දැනුමත් එදිනම කොටස් තැරව්කාර හා ඒකක භාර ආයතන නිලධාරීන් හා උපදේශකයින් හමුවීමෙන් එසැනින් ආයෝජනය සඳහා ප්‍රවේශය ලබාගැනීමත් කළ හැකිය.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අනිල් ප්‍රනාන්දු  සහ කොටස් වෙළෙඳපොළ පර්යේෂණ ක්ෂේත්‍රයේ හසල දැනුමක් සහිත පර්යේෂකයෙක් වන  සිදත් කල්‍යානරත්න යන විද්වතුන් එහිදී දේශන පැවැත්වීමට නියමිතය.

    වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සඳහා අමතන්න , 077 306 0171 / 031 222 7861