බුරුසු නිෂ්පාදකයෙක් කොටස් වෙළෙඳපොළට

    February, 14, 2017

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බුරුසු නිෂ්පාදකයෙකු හා සැපයුම්කරුවකු වන B P P L Holdings Ltd සමාගමට කොළඹ කොටස් වෙළෙඳපොළේ දිරි සවි පුවරුවේ ලැයිස්තුගත කිරීම සඳහා අනුමැතිය හිමිව තිබේ.

    මේ අනුව සමාගම විසින් මූලික කොටස් නිකුතුවක් සිදුකරනු ලබන බව නිවේදනය කර සිටින අතර රු. 12.00 බැගින් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 30.685 ක් එහිදී නිකුත් කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් කර සිටී.

    මෙම මූලික මහජන කොටස් නිකුතුව 2017 මාර්තු 07 වන දින ආරම්භ වනු ඇත.

    Beira Group යනුවෙන්ද හැඳින්වෙන මෙම සමාගමේ නිල වෙබ් අඩවියට අනුව ඔවුන් ශ්‍රී ලංකාවේ විශාලතම බුරුසු නිෂ්පාදකයා හා අපනයනකරු බවත් වසර 30 කට අධික කාලයක් මුළුල්ලේ මෙම කර්මාන්තයේ නිරත බවත් සඳහන් වේ.