බොරැල්ල එලියට් පෙදෙස නිවාස ව්‍යාපෘතියේ රු. බිලියන 9ක කොන්ත්‍රාත්තුව ඇක්සෙස් ඉංජිනියරින් වෙත

    September, 23, 2020

    රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මධ්‍යම පාන්තික ආදායම්ලාභීන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ඒකක 400කින් යුත් බොරැල්ල, එලියට් පෙදෙස නිවාස ව්‍යාපෘතිය සැලසුම් කර ඉදි කිරීම හා මූල්‍යයනය සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කරන ලද සමාගමේ ඇති වූ මූල්‍ය ගැටලු හේතුවෙන් සැලසුම් කළ පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවීම නිසා අදාළ කොන්ත්‍රාත්තුව අවසන් කර ඇත.

    මෙම ව්‍යාපෘතිය ප්‍රමුඛතා ව්‍යාපෘතියක් වශයෙන් හඳුනාගෙන ඇති අතර ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිම කිරීම සඳහා ජාතික තරඟකාරී ලංසු කැඳවා තිබේ.

    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි එම නිවාස ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව M/s Access Engineering PLC වෙත රුපියල් බිලියන 9.37ක (බදු රහිත) මුදලකට ප්‍රදානය කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ඡායාරූපය - Access Engineering PLC සභාපති සුමල් පෙරේරා මහතා