භාණ්ඩාගාරය භාර ගන්න සූදානම් – ධම්මික මුල්වරට හෙළි කරයි

    January, 14, 2019

    රටේ ජනාධිපතිවරයා වුවහොත් එය වසර 5 ක ධුර කාලයක් බවත්, එම කාලය පුරාවට දිනකට පැය 8 බැගින් කාර්යයේ යෙදුණහොත්, සතියකට දින 5 ක් බැගින් සමස්ත වසර 5 ටම වැඩ කිරීමට ඇත්තේ පැය 10,400 ක් පමණක් බවත් මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. ඒඅනුව දේශපාලඥයෙකු වී පැය 10,400 කින් රටක් දියුණු කරනවාට වඩා ප්‍රතිපත්ති සම්පාදකයෙකු බවට පත් වී කාර්යාලයක් තුළ පමණක් සිට ප්‍රතිපත්තිවලින් පමණක් රට වෙනස් කිරීමට එම පැය 10,400 ප්‍රමාණවත් බව ඔහු පැවසීය.

    “ඒක නිසා මම වැඩියෙන්ම කැමති, ප්‍රතිපත්ති සම්පාදකයෙකු වනවා මිස දේශපාලඥයෙකු වීමට නොවෙයි“

    “Treasury Secretary වගේ එකකට ආවෝත්, මුළු ලංකාවේම ඉන්න ministries ටික එතනට එන්නේ. එතකොට policies හදන එක විතරයි තියෙන්නේ. පැය 10,400 ක් කියන්නේ, එක පැයකට එක decision එකක් ගත්තත් , decisions 10,400 ක් වෙන කොට අවුරුදු 5 ඉවරයි.“

    “ඉතිං මම හිතනවා, ඒ වගේ එකක් කරන්න පුළුවන් ගෝල් එකක් ආවොත්, මම ඇත්තටම කැමැත්තෙන් භාර ගන්නවා. ඒ ඇරෙන්න දේශපාලනමය වශයෙන් මම ඒ ගැන හිතන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක් උදා වුණොත් ඒ වගේ තනතුරක් ගන්නවා.“

    මෙහිදී ඕනෑම රජයක, ඕනෑම පක්ෂයක් යටතේ, ඕනෑම ජනාධිපතිවරයෙකු යටතේ භාණ්ඩාගාර භාර ගන්න සූදානම් දැයි ඇසූ පැනයට පිළිතුරු දෙමින් ධම්මික පෙරේරා මහතා මෙසේ අවධාරණය කළේය.

    “මගේ කලර් එක රට, එතකොට මට පාට, පක්ෂ කිසි භේදයක් නැහැ. මට එහෙම පාට, පක්ෂ භේදයක් තියෙන එක්කෙනෙක් නෙමෙයි. රට වෙනුවෙන් ඕන වෙලාවක මම ඒකට ලැහැස්තියි.“

    අද දෙරණ සමඟ කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී ධම්මික පෙරේරා මහතා මේ බව අනාවරණය කළ අතර මෙම කතාබහ පහතින් නැරඹිය හැකිය.