භාණ්ඩාගාර බිල්පත් පොලිය ස්ථාවරයි

    March, 5, 2014

    මේ සතියේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතවල එතරම් වෙනස් වීමක් සිදු නොවී ස්ථාවර මට්ටමක පැවතුණි.

    මේ අනුව, අවුරුද්දේ භාණ්ඩාගාර බිල්පත් පොලිය සියයට 7.07 ක් දක්වා නොවෙනස්ව පැවතුණු අතර මාස තුනේ බිල්පත් පොලිය පදනම් අංක 01 කින් පහළ ගොස් සියයට 6.71 ක්ද මාස හයේ බිල්පත් පොලිය පදනම් අංක 01 කින් පහළ ගොස් සියයට 6.88 ක්ද විය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 03 ක මාස තුනේ භාණ්ඩාගාර බිල්පත්ද, රුපියල් බිලියන 7.7ක මාස හයේ බිල්පත්ද, රුපියල් බිලියන 18.2 ක අවුරුද්දේ බිල්පත්ද අද පැවති වෙන්දේසියේදී අලෙවි කළේය.

    Video Story

    Stock Market

    Exchange Rates