භාර ආඥා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

    October, 6, 2017

    මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදය සඳහා මුදල් සම්පාදනය කිරීමේ අවදානම අවම කිරීම පිණිස වන ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරා ලීම සඳහා භාර ආඥාපනතෙහි විෂයපථය පුළුල් කර සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

    ඒ සඳහා සකස් කරනු ලැබ ඇති භාර (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.