September, 9, 2022
2022 වසරේ අගෝස්තු මාසය අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 1.71ක් විය. මෙය 2022 ජූලි මාසයට වඩා 5.6% ක පහළ යාමක් වේ.
මින් විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 1.61 ක් වන අතර චීන මහජන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම මෙයට ඇතුළත් වේ. එය භාවිත කිරීම යම් කොන්දේසිවලට යටත් වේ.
මහ බැංකුව දළ නිල සංචිතවලට ගලා ඒම් උපයෝගී කර ගනිමින් අත්‍යාවශ්‍ය ආනයන මූල්‍යකරණය කිරීම සඳහා විදේශ විනිමය ද්‍රවශීලතාව අඛණ්ඩව සැපයීම සිදු කරනු ලබයි.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2022 වසරේ අගෝස්තු මස අවසානයේ දී භාවිත කළ හැකි සංචිත මට්ටම සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පවතී.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2022 ජූලි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්ව වාර්තාවට අනුව, දළ නිල සංචිත හා බැංකු අංශයේ දළ විදේශීය වත්කම්වලින් සමන්විත වන මුළු විදේශීය වත්කම් ප්‍රමාණය 2022 වසරේ ජූලි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 5.9ක් විය.
Video Story