මඟී නෞකා සඳහා කොළඹ පහසුකම් අල්පමාත්‍රයි VIDEO

    November, 15, 2016

    සංචාරක මඟී නෞකා සේවය වර්ධනය කිරීමෙන් සංචාරක කර්මාන්තයට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සත්සිඳු සමාගමේ සභාපති රොහාන් අබේවික්‍රම මහතා අද දෙරණ Biz 24x7 සමඟින් එක්විය. පසුගිය දා කොළඹ වරායට පැමිණි ලොව විශාලතම මගී නෞකාවක් වන, අධිසුඛෝපභෝගී Genting Dream නෞකාව මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන කටයුතු කළේද රොහාන් අබේවික්‍රම මහතා සහ ඔහුට අයත් සත්සිඳු සමාගම විසිනි.

    මෙහිදී රොහාන් අබේවික්‍රම මහතා කියා සිටියේ Genting Dream නෞකාව මෙරටට පැමිණි අවස්ථාවේ දී ඉන් මඟීන් 1,600 ක් කොළඹට ගොඩබැස්ස බවයි. තවද ඊට මඟීන් 1,300 ක් ගොඩවුණු බව ද හෙතෙම මෙහිදී පැවසීය. මෙම ගොඩබසින ලද සහ ගොඩනැඟි සියලු මඟීන් මෙරටට තුළ දින කිහිපයක් පුරාවට කාලය ගත කළ බව පැවසූ රොහාන් අබේවික්‍රම මහතා වැඩිදුරටත් පැවසුවේ එම කාලය තුළ ඔවුන් මෙරට තුළ දී කෑම බීම, හෝටල් යනාදී වශයෙන් නොයෙක් අවශ්‍යතා වෙනුවෙන් මුදල් වියදම් කරනු ලබන බවයි. තවද මෙලෙස පැමිණෙන නෞකා මඟීන් සඳහා අවශ්‍ය සේවා සැපයීමට කොළඹ පවතින පහසුකම් අල්පමාත්‍ර බව රොහාන් අබේවික්‍රම මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.

    සත්සිඳු සමාගමේ සභාපති රොහාන් අබේවික්‍රම මහතා සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=NaDAMKDt2HA

    https://www.youtube.com/watch?v=P3rHZ5A14TI