මත්තලට අබුඩාබි “රොටානා ජෙට්“ බැල්ම

    March, 19, 2014

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අබුඩාබියේ “රොටානා ජෙට්“ ගුවන් සේවය පියාසර කිරීමට සූදානම් වනබව අනාවරණය වේ.

    මෙම ගුවන් සේවය මත්තලට පියාසර කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇතැයි ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතා අප සමග පැවසීය.

    මීට අමතරව, යළිත් වරක් “එයාර් ඇරබියා“ ගුවන් සේවයද මත්තල ගුවන් තොටුපොළට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අතර මේ වනවිට “ෆ්ලයි ඩුබායි“ ගුවන් සේවය මත්තලට පියාසර කරයි.

    2010 වසරේදී ආරම්භ කළ “රොටානා ජෙට්“ හි, ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ  Al‐Bateen ගුවන් තොටුපොළේයි.

    රොටානා ජෙට් මේ වනවිට ගමනාන්ත 12 ක් වෙත පියාසර කරයි.