February, 28, 2020
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ
* ඇමරිකානු ඩොලර් 60ක් වන ගුවන්තොටුපොළ අපගමන බද්ද, මෙම ගුවන්තොටුපොළ තුළ අයකිරීම වසර 02ක කාලයක් සඳහා සම්පූර්ණයෙන් අත්හැරීම.
* මෙම ගුවන්තොටුපොළෙන් පිටවන සංක්‍රමණික සේවකයන් සඳහා වන ගාස්තු සඳහා වට්ටමක් ලබාදීම.
* එම ගුවන්තොටුපොළේ බිම් මෙහෙවර ගාස්තු සඳහා වට්ටම් අනුපාතයක් ලබාදීම.
* සහනදායී මිලකට ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම.
* ප්‍රවර්ධන දිරිගැන්වීමක් ලෙස වසරක කාලයක් සඳහා උපලේඛනගත ජාත්‍යන්තර ගුවන් සමාගම්වල ගොඩබෑමේ සහ ගුවන් යානා නතර කර තැබීමේ ගාස්තු අත්හැර දැමීම.
කොළඹ, රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ
* වසරක කාලසීමාවක් සඳහා ඇෙමරිකානු ඩොලර් 60ක් වන ගුවන්තොටුපොළ අපගමන බද්දෙන් 50%ක් පමණක් අය කිරීම.
* සහනදායී මිලකට ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම.
* ප්‍රවර්ධන දිරිගැන්වීමක් ලෙස වසරක කාලයක් සඳහා උපලේඛනගත ජාත්‍යන්තර ගුවන් සමාගම්වල ගොඩබෑමේ සහ ගුවන් යානා නතර කර තැබීමේ ගාස්තු අත්හැර දැමීම.
Video Story