මධ්‍යම අධිවේගී මාර්ගය – 3 වන අදියර සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය ඉදිකිරීම් සමාගම් වෙතින් පැහැදිලි කිරීමක්

    April, 5, 2022

    මධ්යම අධිවේගී මාර්ගයේ අතීතය සහ එහි වැදගත්කම

    මහාමාර්ග අමාත්‍යාංශය යටතේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකාවේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ අභිමතාර්ථය වන්නේ ගොඩබිම් ප්‍රවාහනය සංවර්ධනය සඳහා වූ ජාතික සැලැස්ම මත පදනම්ව මෙරට මහනුවර, දඹුල්ල සහ කුරුණෑගල යන ප්‍රධාන නගර, වාණිජ අගනගරය වන කොළඹ හා සම්බන්ධ කිරීමයි. ශ්‍රී ලංකාව සතු දිගු කාලීන සංවර්ධන උපායමාර්ගයට අයත් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය යනු, රටෙහි සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන කාර්යක‍ෂම ප්‍රවාහන යටිතලපහසුකම් ව්‍යුහයක් ලබා දීමෙහිලා ඉතාම වැදගත් අංගයකි.

    මධ්යම අධිවේගී මාර්ග ව්යාපෘතියේ (3 අදියර) වත්මන් තත්ත්වය 

    දේශීය ඉදිකිරීම් සමාගම්වල එකතුවක් හරහා මධ්‍යම අධිවේගී මාර්ගයේ 2 අදියරේ (මීරිගම සිට කුරුණෑගල සහ පොතුහැර දක්වා) වැඩ සාර්ථකව නිම කිරීමත් සමගම රඹුක්කන (Ch. 12+890km) - සිට  ගලගෙදර  (Ch. 32+450km) -  දක්වා වන එහි 3 අදියරට අදාළ  සැලසුම් කිරීම, ඉදිකිරීම, මූල්‍ය සම්පාදන, මෙහෙයුම්, නඩත්තු හා පැවරීම් (Design, Build, Finance, Operate, Maintain & Transfer) පදනම සඳහා ටෙන්ඩර් කැඳවීමක් මහාමාර්ග අමාත්‍යාංශය විසින් 2021 ජූලි 22 දින සිදු කරන ලද අතර එහි ප්‍රධානතම අරමුණ වූයේ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් ඔස්සේ මෙම වැදගත් ජාතික මට්ටමේ යටිතලපහසුකම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමයි.

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 2 අදියරේ වැඩ කටයුතු සාර්ථකව නිම කිරීමෙන් ලද අත්දැකීම් පාදක කොටගෙන Access Engineering, Maga Engineering, ICC, KDAW සහ NEM Construction යන සමාගම්වලින් සමන්විත Lanka Infrastructure Development Consortium (LIDC) -  පිහිටුවන ලදි. එහි සුවිශේෂී අරමුණ වූයේ ජාත්‍යන්තර කොන්ත්‍රාත්කරුවන් වෙනුවට, දේශීය සමාගම් විසින් මහා පරිමාණ යටිතලපහසුකම් ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කිරීමයි. පසුගිය දශක තුනක කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ අතිශයින්ම වැදගත් ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක්ම නිම කළ, මෙරට ප්‍රමුඛතම අධිවේගී මාර්ග/මහාමාර්ග ඉදිකිරීම් කොන්ත්‍රාත්කාර සමාගම් 5 LIDC  නියෝජනය කරයි.

    රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3 අදියර සඳහා තාක‍ෂණිකමය වශයෙන් සුදුසුකම් ලත් එකම ටෙන්ඩරය ඉදිරිපත් කළ ආයතනය වූයේද LIDC වේ.

    මධ්යම අධිවේගී මාර්ග ව්යාපෘතිය (3 අදියර) සම්බන්ධ සාවද් ප්රචාරවලට ප්රතිචාර දැක්වීම 

    මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෑත කාලීනව දැකිය හැකි මුද්‍රිත හා සමාජ මාධ්‍ය පුවත්වලට අදාළව, රාජ්‍ය ප්‍රසම්පාදන කටයුතුවල නිරත වී සිටින නිලධාරීන් නොමග යැවීම සහ ජාතික වශයෙන් ඉතා වැදගත් මෙම ව්‍යාපෘතිය කඩාකප්පල් කර දැමීම ඉලක්ක කරගත් සාවද්‍ය චෝදනා සහ අසත්‍ය ප්‍රචාර ව්‍යාප්ත වීම වැළැක්වීම උදෙසා මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3 අදියරෙහි සත්‍ය තත්ත්වය පෙන්වා දීමට LIDC අදහස් කරයි.

    2022 පෙබරවාරි 03 දින මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ප්‍රසම්පාදන (Financial Bid) - විවෘත කළ අවස්ථාවේදී LIDC  හට වැටහුණු කරුණක් වූයේ ඊට ටෙන්ඩරය ඉදිරිපත් කර තිබුණු වෙනත් ටෙන්ඩර් සමාගම් දෙකක් වන China State Construction Engineering Corporation (CSCEC) - සහ MCC International Incorporation (MCCI) - තාක‍ෂණික කාරණා මත නුසුදුස්සන් බවට පත්ව තිබුණු බවයි.  කෙසේ වෙතත්, Metallurgical Corporation of China Ltd (MCC) වෙනුවෙන් MCC ලිපි ශීර්ෂයක (සහ MCC විසින් අත්සන් කරන ලද) 2022 පෙබරවාරි 10 වැනි දින මාධ්‍යවල ප්‍රචාරය වූ ලිපිය මගින් එහි සුදුසුකම් සාධාරණීකරණය කිරීම සඳහා ඔවුන්ගේ ටෙන්ඩරයේ විවිධ වැරදි ක්‍රියා නිදොස් කිරීමට උත්සාහ කරයි.

    LIDC විසින් ඉතා විශ්වසනීය ලෙස අවබෝධ කරගෙන ඇති පරිදි, ගැටළුවට තුඩු දුන් ව්‍යාපෘති ටෙන්ඩරය ඉදිරිපත් කර ඇත්තේ MCC හි පරිපාලිත සමාගමක් වන MCCI විසිනි. මෙම ටෙන්ඩරය සඳහා සුදුසුකම් ලැබීමේ ප්‍රයත්නයක් වශයෙන් එකී ටෙන්ඩර්කරු විසින් ඉදිරිපත් කර ඇත්තේ තම මව් සමාගම වන MCC හි මූල්‍ය තොරතුරු හා ඊට අදාළ ව්‍යාපෘති පළපුරුද්ද වන අතර එකී මව් සමාගම MCC හි ටෙන්ඩරයේ නෛතික හවුල්කරුවෙකු නොවන හෙයින් ටෙන්ඩර් කොන්දේසි ප්‍රකාරව MCCI හි ලංසුව සුදුසුකම් නොලබයි. එමෙන්ම, MCCI සමාගම විසින් රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය (Procurement Process) තුළ ටෙන්ඩරයක් තැබීමට සුදුසුකම් ලැබීමේ ඉතා මූලික පූර්ව-අවශ්‍යතාවක් වන වලංගු ටෙන්ඩර් සුරැකුම්පතක් ඉදිරිපත් කර නොමැති බවද පෙනී යන අතර මේ නිසා ඔවුන්ගේ ටෙන්ඩරය මෙන්ම ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති ඕනෑම මිල ගණනක් මුළුමනින්ම අවලංගු වී යයි.

    ටෙන්ඩර් ඇපකරය (Bid Security) යනු කිසියම් ටෙන්ඩරයක වලංගු කාල සීමාව අවසන් වීමට පෙර ටෙන්ඩර් ඉදිරිපත් කළ ආයතන සිය ටෙන්ඩර් ඉවත් කර ගැනීමෙන් වළක්වාලීම අරමුණු කරගත් මූල්‍යමය සුරැකුමකි. යම් හෙයකින් එලෙස නියමිත කලට පෙර ටෙන්ඩර් ඉවත් කර ගැනීමක් සිදු කළහොත් ඔවුන් විසින් සිය ටෙන්ඩර් සුරැකුම් වටිනාකම ප්‍රසම්පාදන ආයතනය වෙත ගෙවිය යුතු වේ. මෙම ටෙන්ඩර් ඇපයට අදාළ නිවැරදි ආකෘතිය සහ මුදල් ප්‍රමාණය, ප්‍රසම්පාදන නීතිවල (Tender Conditions) නියම කර ඇති අතර, එය ටෙන්ඩර් ලේඛනයේ පැහැදිලිව දක්වා තිබුණි. MCCI වලංගු ටෙන්ඩර් ඇපකරයක් නොමැති ලංසු ඉදිරිපත් කිරීමකින් අදහස් වන්නේ සේවා යෝජකයා වෙත කිසිදු බැඳීමක් පවත්වා ගැනීමකින් තොරව ටෙන්ඩර් ඉදිරිපත් කළ ආයතනයට ඕනෑම මිල ගණනක් ඉදිරිපත් කළ හැකි බව මෙන්ම කිසිදු දඩ මුදලක් ගෙවීමකින් තොරව කැමති ඕනෑම දිනක සිය ටෙන්ඩරය ඉවත් කර ගැනීමට වුවද අවස්ථාව ඇති බවයි. මේ නිසා, වලංගු ටෙන්ඩර් ඇපකරයකින් තොරව ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් ඉදිරිපත් කිරීමකට රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ කිසිදු වලංගුභාවයක් හිමි නොවේ.

    මීට අමතරව, වාර්ෂික ගෙවීම් සිදු කළ හැක්කේ ශ්‍රී ලංකා රුපියල්වලින් පමණක් බව ටෙන්ඩර් ලේඛනයෙහි ඉතා පැහැදිලිව දක්වා ඇති නමුදු MCCI සමාගම තමන් වෙත ගෙවිය යුතු ගෙවීම් අවශ්‍ය කාලය වන වසර 15 සඳහා ඇ.එ.ජ. ඩොලර්වලින් ගෙවන ඉලස ඉල්ලා තිබේ. එමෙන්ම, MCCI සමාගම විසින් මින් පෙර කිසිදු අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් ඉටු කර නොමැති නිසා ඔවුන් මීට අදාළ කිසිදු සැලසුම් හා ඉදිකිරීම් පළපුරුද්දකට හිමිකම් නොකියන බවද දැනගන්නට ලැබී ඇත.

    එහෙයින්, MCCI සමාගම විසින් ඉදිරිපත් කර ඇති ටෙන්ඩරය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීම නිසා සුදුසුකම් නොලබා ඇති අතර රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල (Procurement Guidelines) දැක්වෙන ඇතැම් මූලික අවශ්‍යතා වෙතවත් අනුකූලතාව නොදක්වා ඇත. ඒ අනුව, ටෙන්ඩර් මිල ගණන් මහජනයාට දැනගත නොහැක. මෙම ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමේ අරමුණින් ටෙන්ඩර් ඇගයීම් ක්‍රියාවලිය නොමග යැවීමේ නිරර්ථක උත්සාහයක් වශයෙන් MCCI ය දැන් ඕනෑම අත්තනෝමතික මිල ගණනක් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරන බවක්ද පෙනී යයි.  ඒ හරහා, MCCI අරමුණ වන්නේ මෙම ව්‍යාපෘතියේ කීර්ති නාමය පළුදු කරමින් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අඩාළ කිරීම උදෙසා මාධ්‍යන්හි සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම බව ප්‍රත්‍යක‍ෂ වේ.

    මධ්යම අධිවේගී මාර්ග ව්යාපෘතියේ 3 වන අදියර සඳහා දේශීය කොන්ත්රාත්කරුවන් ඉදිරිපත් කළ යෝජනාවලියේ සවිමත්කම

    LIDC විසින් ඉදිරිපත් කරන ලද ටෙන්ඩරය සලකා බැලීමේදී අපගේ ස්ථීරසාර විශ්වාසය වන්නේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3 අදියර සඳහා LIDC විසින් ඉදිරිපත් කළ ටෙන්ඩරය මගින් ශ්‍රී ලාංකීය රජයට මෙන්ම මහජනයා වෙතද සුවිශේෂී වාසි අත්වනු ඇති බවයි. ශ්‍රී ලාංකීය සමාගම් කිහිපයක එකතුවක් විසින් මෙරට ක්‍රියාත්මක කෙරෙන විශාලතම ආයෝජන ව්‍යාපෘතිය මෙය වන හෙයින් මෙම ටෙන්ඩරයට ඉතාම විචක‍ෂණ ආයෝජන යෝජනාවක් ඇතුළත් වෙයි.

     

    LIDC ටෙන්ඩරයෙන් අත්වන සුවිශේෂී ප්රතිලාභ පහත දක්වා ඇත:  

    1. ව්යාපෘතිය සඳහා මූල් ප්රතිපාදන සපයා ගැනීමට ඇති අවශ්යතාව ඉවත් වීම

    මෙම ව්‍යාපෘතියේ සැලසුම්, ඉදිකිරීම්, මූලය සම්පාදන, මෙහෙයුම්, නඩත්තු හා පැවරීම් කටයුතුවලට අදාළ LIDS හි යෝජනාවලිය සියයට සියයක්ම 80:20 ක ණය-ස්කන්ධ අනුපාතිකයක් (Debt: equity ratio) සහිත ආයෝජන ව්‍යාපෘතියක් වන අතර ඊට අදාළ ණයවලින් 80% ක් ශ්‍රී ලංකා බැංකු විසින්ද ඉතිරි 20% අදාළ ඉදිකිරීම් සමාගම් එකතුවේ සාමාජිකයන් විසින් ස්කන්ධය ලෙසද ලබා දීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය සම්පාදනය කිරීමට අදාළව ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයට ඉදිකිරීම් කරන කාලය තුළදී කිසිදු ආකාරයක බරක් දැරීමට සිදු නොවන බව මෙකී මූල්‍යකරණ යාන්ත්‍රණය මගින් සහතික කෙරෙන අතර, ව්‍යාපෘතියේ වසර 15 ක මෙහෙයුම් හා නඩත්තු කාල පරිච්ඡේදය තුළ නැවත ගෙවීම් සිදු කෙරෙනු ඇත.

    1. විදේශ විනිමය මුදල් ඉතිරි වීම

    ව්‍යාපෘතියක කොන්ත්‍රාත්කරු විදේශ සමාගමක් නම් රජය විසින් වාර්ෂික ගෙවීම් ඇ.එ.ජ.ඩොලර්වලින් සිදු කළ යුතු වන අතර එහි ප්‍රතිඵලය විය හැක්කේ වසර 15 ක කාලයක් පුරාවට රජයට ඇ.එ.ජ.ඩොලර්ලින් ගෙවීම් සිදු කිරීමේ වගකීම් දරන්නට සිදු වීමයි. මේ අතරම, මෙම මුදල් ශ්‍රී ලංකාවේ සිට විදේශ රටවල් වෙත නැවත යැවීමටද විදේශ කොන්ත්‍රාත්කාර සමාගමට සිදු කෙරේ.

    ඇ.එ.ජ. ඩොලර්වලින් සිදු කෙරෙන මෙවැනි ගෙවීමක් නිසාම ව්‍යාපෘතියේ සථ්‍ය පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ යාමක් සිදු වීමට ඉඩ තිබේ. අධිවේගී මාර්ගයේ මෙහෙයුම්වලින් ලැඛෙන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලින් ලැඛෙන හෙයින් මේ නිසා අපනයන ආදායම හෝ ණය ගැනීම් හරහා අමතර ඇ.එ.ජ.ඩොලර් ප්‍රමාණයක් සම්පාදනය කර ගැනීමටද රජයට සිදු වනු ඇත. වාර්ෂික ගෙවීම් ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීමට යෝජනා කෙරෙන LIDC විසින් ඉදිරිපත් කරන ලද මෙම ටෙන්ඩරය මගින් නැවත ගෙවීමේ කාල සීමාව තුළ ශ්‍රීී ලංකා රජය වෙතින් සැලකිය යුතු ලෙස විදේශ මුදල් පිටතට ගලා යාම වැළැක්වීමද අපේක‍ෂා කෙරේ.

    1. තරගකාරී මිල

    ඉහත සඳහන් කර ඇති පරිදි, මෙම ටෙන්ඩරය වනාහි මෙම ව්‍යාපෘති වැඩ නිම කිරීමට එක් වූ ඉහත කී සමාගම් පහත සතු සාමූහික විශේෂඥතාවෙහි සහ දැනුමෙහි අග්‍රඵලයක් වේ. ඒ අනුව, LIDC ලංසුවේ තාක‍ෂණික හා මූල්‍යමය අන්තර්ගතයන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධ ඉතා ගැඹුරු හා පුළුල් අධ්‍යයනයක ප්‍රතිඵලයකි. එහි දක්වා ඇති මිල ගණන් නියම කරගෙන ඇත්තේ ප්‍රමාණ පත්‍රය (Bill of Quantities)  සවිස්තර ගණනය කිරීමකට ලක් කොට පවතින වෙළෙඳපොල මිල ගණන් පිළිබඳ යාවත්කාලීන විශ්ලේෂණයක් සිදු කිරීමෙන් සහ විචක‍ෂණ ඉදිකිරීම් මූලධර්ම යොදා ගැනීමෙන් පසුවය.

    1. දේශීය ආර්ථීකය සංවර්ධනය වීම

    LIDC හි ව්‍යාපෘති යෝජනාව ඉලක්කගත වී ඇත්තේ මේ මොහොතේ පවතින දැඩි අවශ්‍යතාවක් වන සවිමත් හා තිරසාර දේශීය ආර්ථීකයක් ගොඩනැගීම කෙරෙහිය. මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සැලසුම් කිරීම හා ඉදිකිරීම සඳහා යොදා ගැනෙන සම්පත්වලින් 80% කටත් වඩා වැඩි ප්‍රමාණයක් රට තුළින්ම සම්පාදනය කර ගැනෙනු ඇති බැවින් ශ්‍රී ලංකාවේ දේශීය ආර්ථීකය සහ ප්‍රාදේශීය ව්‍යාපාරයන්ද සැලකිය යුතු ලෙස වැඩිදියුණු වේ. ව්‍යාපෘති ප්‍රතිලාභ කුඩාම සැපයුම් දාම, දේශීය ප්‍රජාවන් හා කුටුම්භ කරාද පහළට යොමු වීම මෙහි ඇති තවත් ප්‍රතිලාභයකි.

    එමෙන්ම, ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන සියලූ අරමුදල් ශ්‍රී ලාංකීය බැංකු හරහා සපයා ගනු ඇති අතර ඒ නිසා එම මුදල් දේශීය ආර්ථීය තුළම සංසරණය වන හෙයින් කාර්යක‍ෂම මූල්‍ය ක්‍රියාවලියක් බිහි කිරීමටද එය උපකාරී වේ. මීට අතරව, මෙම ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලාංකික පුරවැසියන් උදෙසා ඍජු හා වක්‍ර රැකියා අවස්ථා 50,000 කට වැඩි ප්‍රමාණයක් පමණ බිහි කෙරෙනු ඇත. එහෙත් මීට සපුරාම වෙනස් ලෙස, විදේශ කොන්ත්‍රාත්කාර සමාගම් විසින් ක්‍රියාත්මක කරනු ලැඛෙන අධිවේගී මාර්ග ව්‍යාපෘති සඳහා විශාල වශයෙන් විදේශ රටවල අමුද්‍රව්‍ය හා විශේෂඥ දැනුම සපයා ගැනීමක් සිදු කෙරෙන හෙයින් එම ව්‍යාපෘතිවල වටිනාකමෙන් 60% කටත් වඩා වැඩි ප්‍රමාණයක ශ්‍රී ලංකාවෙන් පිටතට ගලා යාම සිදු වේ.

    1. දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රය වැඩිදියුණු වීම

    ඉදිකිරීම් අංශය ශ්‍රී ලාංකික ආර්ථීකය ඉදිරියට ගෙන යාමේදී ඉතාම සුවිශේෂී භූමිකාවක් ඉටු කරයි. විශේෂයෙන්ම මෙම ව්‍යාපෘතිය මෙරට ප්‍රමුඛතම කොන්ත්‍රාත්කාර සමාගම් මෙන්ම මීට සම්බන්ධ වන අනෙකුත් විශේෂඥයන් හා උප කොන්ත්‍රාත්කරුවන් සතු සාමූහික ධාරිතාව තවදුරටත් ඉහළ නංවමින් (මෙවැනි ව්‍යාපෘති විදේශ රටවලට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පළපුරුද්ද ලබා ගනු ඇති) මෙරට දේශීය ඉදිකිරීම් ෙක‍ෂ්ත්‍රය වෙත කාලීන උත්ප්‍රේරකයක් බවට පත් වනු ඇත.  මෙවැනි පසුබිමක් තුළ, මේ ආකාරයේ ව්‍යාපෘතියක් මගින් දේශීය ඉදිකිරීම් ෙක‍ෂ්ත්‍රයේ පෙරගමනට අදාළ ඊළ`ග තාර්කික පියවර සංඥා කරන අතරම ජාත්‍යන්තර ඉදිකිරීම් කරළියේ තරග කිරීම සහ නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකාවේ ඉහළම විදේශ විනිමය උපයන්නෙකු බවට පත් වීමට අවශ්‍ය ප්‍රගමනයටද මෙමගින් දායක වනු ඇත.

    වගකීම්සහගත ඉදිකිරීම් සමාගම්වලින් සමන්විත එකතුවක් වන LIDC මෙරට ඉදිකිරීම් ෙක‍ෂ්ත්‍රය සංවර්ධනය කරමින් ජාතික සංවර්ධනයට කෙරෙහි දායක වන අතර, සියලූ ශ්‍රී ලාංකිකයන්ගේ  සුභසිද්ධිය වෙනුවෙන් ජාතික මට්ටමේ වැදගත්කමක් දරන සුවිශේෂී ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඇපකැප වී සිටී.