මධ්‍යම අධිවේගය කඩිනම් කරන්න චීන එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 989 ක්

    June, 12, 2018

    මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම කටයුතු කඩිනම් කිරීම සඳහා අදාල අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    අද (12) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී මෙහි පළමු අදියරේ ඉදිකිරීම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 989ක මූල්‍ය පහසුකමක් චීන එක්සිම් බැංකුවෙන් ලබා ගැනීමට අනුමැතිය හිමි වූ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටී.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම් මේ වනවිටත් සිදු කරමින් පවතින අතර නව මූල්‍ය පහසුකමත් සමඟ ඉදිකිරීම කටයුතු තවදුරටත් කඩිනම් වන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.