මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටසේ කොන්ත්‍රාත්තුව සඳහා අනුමැතිය

    July, 23, 2015

    මධ්‍යම අධිවේගී මාර්ගයේ කොස්සින්න සිට මීරිගම දක්වා කිලෝ මීටර් 32.55 ක් වන කොටස ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව රජය විසින් අනුමත කර තිබේ.

    මෙම අනුමත කිරීම සඳහා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ තීරණය අනුව මුදල් අමාත්‍යංශය විසින් පත්කරන ලද සාකච්ඡා කමිටුවල නිර්දේශය සැලකිල්ලට ගෙන ඇත.

    රජය සඳහන් කරන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස කඩවත සිට මීරිගම දක්වා ඉදිකරන බවයි. මෙම කොටසේ කඩවත සිට කොස්සින්න දක්වා කිලෝ මීටර් 05 ක දිගකින් යුක්ත කොටසේ මූලික වැඩ මේ වනවිටත් පිටත වටරවුම් මාර්ගයේ තුන්වන කොටසේ කොන්ත්‍රාත්කරු විසින් ආරම්භ කර ඇතැයි රජය කියයි.