මධුසමයට ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය යුවළ, බමන මතින් පදම් වී නැවතී සිටි හෝටලය මිල දී ගනී

    October, 10, 2018

    2017 දෙසැම්බර්යේ දී  මධුසමය ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය පැමිණි යුවළක්, තමන් නැවතී සිටි හෝටලය මිල දී ගැනීමට තීරණය කිරීමේ අපූරු පුවතක් බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් අනාවරණය කර තිබේ. Mirror පුවත් සේවය පරිදි 33 හැවිරිදි Gina Lyons සහ 35 හැවිරිදි Mark Lee විවාහ පත්වන්නේ 2017 ජූනි මාසයේ දීය. පසුගිය ඔවුන් 2017 දෙසැම්බරයේ මධුසමය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තංගල්ල ප්‍රදේශයේ වෙරළබඩ හෝටලයක නවාතැන් ගනී.

    එහි නැවතී සිටි එක්තරා රාත්‍රියක දී අධික ලෙස බීමතින් සිටි මෙම යුවළ එහි සේවකයෙකු සමඟ අල්ලාපසල්ලාපයේ යෙදී සිටිය දී ඔහු පවසන්නේ අදාළ හෝටලයේ බදුකාලය මේ වන විට අවසන්ව ඇති බවයි. Mirror වාර්තාව පවසන පරිදි රම් වීදුරු 12 කින් පදම් වී සිටි මෙම තරුණ යුවළ එහිදී එක් ක්ෂණයකින් එම හෝටලට බදු පදනම මත මිල දී ගැනීමට තීරණය කර තිබේ. ඒ බ්‍රිතාන්‍ය පවුම් 30,000 ක මිලකටය.

    “අපි හොඳටම බීලා හිටියේ ඒ වෙලාවේ, ඔහු අපිට කිව්වා හෝටලයේ බදු කාලය අවසන් බව. පස්සේ බලද්දී අවුරුද්දකට හෝටලයේ බදු මුදල වෙන්නේ පවුම් 10,000 ක්. ක්ෂණයකින් අපි තීරණය කළා අවුරුදු තුනකට මේ බසදු ගන්න. හොඳටම බීලා හිටියත් එය අපි ගත්තු ඉතා ආකර්ෂණීය තීරණයක්“, යැයි මෙම යුවළ මාධ්‍ය වෙත පවසා තිබේ.

    අනතුරුව පසුගිය ජූලි 01 දින මෙම ගනුදෙනුවේ සියලු නීතිමය කටයුතු අවසන් කිරීමෙන් පසුව 'Lucky Beach Tangalle' යනුවෙන් මෙම හෝයලය නව නාමකරණය කර ඇත. එහිදී පවුම් 15,000 ක් ගෙවා ඇති ඔවුන් ඉතිරිය 2019 මාර්තු මාසයේ දී ගෙවීමට එකඟ වී ඇත.

    කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ මේ වෙනුවෙන් පවුම් 7,000 ක් නීති ගාස්තු වශයෙන් සහ තවත් පවුම් 6,000 ක් හෝටලයේ නවීකරණ කටයුතු සඳහා වැයකරන්නට සිදුවූ බවයි.