මර්චන්ට් බැංකුවේ ප්‍රධාන විධායක ඉවතට

    June, 6, 2018

    2018 මැයි 11 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ඩී.එම්.එන්.පී. කරුණාපාල, අදාළ තනතුරින් ඉවත් කර ඇති බව එම සමාගම් ලේකම්වරිය විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

    ඔහුට ඇති විමර්ෂන කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව අදාළ දැනුම් දීමේ වැඩිදුරටත් සඳහන් වේ.

    මේ අතර ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් ජී.එම්.ජේ.ඒ.ආර්. ගමලත් පත් කර තිබේ.