මරුටි කාර්වල ඉන්ධන ටැංකියේ ප්‍රශ්නය ලංකාවට බලපානවාද ?

    April, 16, 2014

    පසුගියදා විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ ඉන්දියානු මරුටි සුසුකි සමාගම විසින් ඉන්ධන ටැංකියේ දෝෂයක් නිවැරදි කිරීම සඳහා මෝටර් රථ ලක්ෂයකට ආසන්න ගණනක් නැවතත් සමාගම වෙත කැඳවා තිබෙන බවයි.

    මෙම කැඳවීම ලංකාවට විකුණා තිබෙන මරුටි සුසුකි වාහන සඳහා බලපාන්නේදැයි, අපි මරුටි සුසුකි වාහන අලෙවියේ ලංකාවේ නියෝජිත ඇසෝෂියේටඩ් මෝටර්වේස් සමාගමේ මරුටි සුසුකි වාහන සම්බන්ධයෙන් පසු අලෙවි සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරන චමින්ද වනිගරත්න මහතාගෙන් විමසා සිටියා.

    ඔහු පැවසුවේ මෙම කැඳවීම ලංකාවට විකුණා තිබෙන වාහන සඳහා අදාළ නොවන බවයි.

    Ertiga, Swift සහ DZire යන කාණ්ඩ වලට අයත් වාහන ලක්ෂයකට වැඩි ගණනක ඉන්ධන ටැංකියේ තිබෙන ප්‍රශ්නයක් නිවැරදි කිරීම සඳහා එම වාහන යළි සමාගම වෙත කැඳවන බව ඉන්දියානු මරුටි සුසුකි සමාගම විසින් පසුගියදා සඳහන් කර තිබුණි.

    ශ්‍රී ලංකාවේ කුඩා මෝටර් රථ වෙළඳ පොළින් සියයට 40 කට ආසන්න ප්‍රමාණයක් අත්පත් කරගෙන තිබෙන්නේ මරුටි සුසුකි සමාගමයි.