මරුටි කාර් අඩුවන හැටි මෙන්න!

    January, 30, 2015

    එන්ජින් ධාරිතාවය 1000 සී.සී. වලට අඩු මෝටර් රථ ආනයනය කිරීමේදී අය කරන බද්ද අතුරු අයවැය මගින් සියයට 15 කින් අඩු කිරීම නිසා එවැනි මෝටර් රථයක මිල රුපියල් 1,50,000 කින් පමණ අඩුවනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියයි.

    ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ පැවසුවේ මේ අනුව, මරුටි, ඇල්ටෝ වැනි වාහනවල මිල මේ ආකාරයෙන් පහළ යනු ඇති බවයි.