මරුටි වලත් ප්‍රශ්නයක්ලු. වාහන ලක්ෂයක් යළි කැඳවයි

    April, 12, 2014

    තාක්ෂණික දෝෂ නිසා ටොයොටා සමාගම වාහන තොගයක් නැවත සමාගම වෙත කැඳවීමේ ප්‍රවෘත්තියේ උණුසුම මැකී යන්නටත් පෙර වාර්තා වෙන්නේ ඉන්දියාවේ විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන මරුටි සුසුකි සමාගමද ඒ ආකාරයෙන්ම දෝෂ සහිත වාහන තොගයක් නිවැරදි කිරීම සඳහා සමාගම වෙත කැඳවා තිබෙන බවයි.

    මේ අනුව, Ertiga, Swift සහ DZire යන මෝටර් රථ ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඉන්ධන ටැංකියේ ප්‍රශ්නයක් නිවැරදි කිරීම සඳහා සමාගම වෙත කැඳවා තිබෙන බව “ද හින්දු“ පුවත් පත වාර්තා කර ඇත.

    2013 නොවැම්බර් 12 වනදා සහ 2014 පෙබරවාරි 04 වනදා අතර නිපදවා තිබෙන මෝටර් රථ මෙම නැවත කැඳවීමට ඇතුළත් වී ඇතැයි සඳහන්ය.