මරුටි සුසුකි පවුලේ අලුත්ම සාමාජිකයා මෙන්න

    April, 25, 2017

    සිය නවතම මෝටර් රථ මාදිලිය වන Maruti Suzuki Dzire හඳුන්වා දීමට මරුටි සුසුකි ඉන්දියා සමාගම ඊයේ (24) පියවර ගන්නා ලදී. මෙය අලෙවිය සඳහා මැයි 16 දින වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

    Hyundai Xcent, Honda Amaze, Volkswagen Ameo, Ford Aspire ආදී මීට සමගාමී මෝටර් රථවලට Maruti Suzuki Dzire වෙතින් දැඩි අභියෝගයක් එල්ල වනු ඇතැයි වාර්තා වේ.

    ඉන්දීය රුපියල් ලක්ෂ 5.5 සිට ලක්ෂ 9 දක්වා මෙම මෝටර් රථය මිල වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කර සිටී.

    Sedan හැඩරුවින් යුතු Maruti Suzuki Dzire මෝටර් රථය hexagonal front grille, projector headlamps, LED DRLs, all-new front bumper, fog lamp යනාදී අංග ගණනාවකින් සමන්විත වේ.

    dzire-interiors

    dzire-side