• Ada Derana BIZ Sinhala
  • Mount Lotus Eye and ENT Hospitals
  • sri lanaka

මවුන්ට් ලෝටස් රෝහල වෙතින් නවීන තාක්ෂණය සමඟින් ඇසේ සුද සුව කිරීමේ සැත්කම්

August, 3, 2022

ශ‍්‍රී ලංකාවේ නවතම අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහලක් වූ මවුන්ට් ලෝටස් රෝහල, ඕනෑම වයස් කාණ්ඩයක රෝගීන් සඳහා නවීන තාක්ෂණය සහ ජාත්‍යන්තර තත්ත්වයේ පහසුකම් සමඟින් ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සිදු කිරීම අරඹන ලදී.

ඇසේ සුද ඇතිවීම අන්ධභාවයට ප‍්‍රධානතම හේතුවකි. ලෝක ජනගහනයෙන් මිලියන ගණනක් සම්පූර්ණ හෝ අර්ධ අන්ධභාවයෙන් පෙළෙනු ලැබේ. ඇසේ සුද ඇතිවීම වැළැක්වීම සහ සුව කිරීම ශ‍්‍රී ලංකාවේ වැදගත් ජාතික ප‍්‍රයත්නයක් වන අතර ඒ සඳහා රාජ්‍ය සහ පුද්ගලික සෞඛ්‍ය සේවා පද්ධති දෙකෙහිම සහය අවශ්‍ය වේ. සිය පළපුරුදු අක්ෂි වෛද්‍ය මණ්ඩලයේ සහ මිත‍්‍රශීලී කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව මෙම ජාතික ප‍්‍රයත්නයට සහාය දීම සඳහා, අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ ප‍්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක් වන මවුන්ට් ලෝටස් රෝහල සූදානම්ව සිටී.

ඇස ඉතාමත් සංවේදී ඉන්ද්‍රියයක් වන අතර, ශල්‍යකර්මයකට පෙර, අතරතුර සහ පසුව දැඩි සැලකිල්ලක් දැක්විය යුතු වේ. මවුන්ට් ලෝටස් රෝහල් වෛද්‍ය මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය, සැත්කමට භාජනය වන සෑම රෝගියෙකුටම සාර්ථක ප‍්‍රතිඵලයක් සහතික කිරීම සඳහා අවශ්‍ය සියලූ පූර්වාරක්ෂාවන් ගනු ලැබේ. ශල්‍යකර්මයෙන් පසු රෝගියාගේ වයස හෝ වෙනත් රෝගී තත්ත්වයක් හේතුවෙන් අමතර ප‍්‍රතිකාර ලබා දීමේ අවශ්‍යතාවයක් තිබේ නම්, රෝහල විසින් රෝගියා වාට්ටුවකට හෝ පෞද්ගලික කාමරයකට මාරු කරනු ලබන අතර එහිදී රෝහල් කාර්ය මණ්ඩලය විසින් රෝගියාගේ තත්ත්වය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වන තෙක් සමීපව නිරීක්ෂණය කරනු ලැබේ. රෝගීන්ගේ අවශ්‍යතාවයට අනුව ”අග‍්‍රහාර” හෝ වෙනත් ඕනෑම රක්ෂණ සැලසුමක හිමිකම් පෑමේ පහසුකම්ද රෝහල විසින් සපයයි.

මවුන්ට් ලෝටස් රෝහලේ සාමාන්‍යාධිකාරී වෛද්‍ය සමන් පී. බස්නායක මහතා ප‍්‍රකාශ කළේ, ”ප‍්‍රතිකාරය කෙතරම් සරල වුවත්, අන්ධභාවයට ප‍්‍රධානතම හේතුව ඇසේ සුද ඇතිවීමයි. අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ ප‍්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක් ලෙස ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සිදු කරමින් අපගේ ජනයාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ ජාතික ප‍්‍රයත්නය සමඟ අප එක්වී සිටින්නේ එම නිසයි. නවීනතම වෛද්‍ය තාක්ෂණය සමඟින් ඕනෑම සංකීර්ණ ශල්‍යකර්මයක් සිදු කිරීම සඳහා වසර ගණනක පළපුරුද්ද ඇති, ඉහළ සුදුසුකම් ලත් වෛද්‍ය විශේෂඥයින් කණ්ඩායමක් අප සතුයි”.

අංක 102, ගාලූ පාර, ගල්කිස්ස, පිහිටා ඇති මවුන්ට් ලෝටස් රෝහල, දේශීය සහ විදේශීය රෝගීන් සඳහා ජාත්‍යන්තර මට්ටමේ අක්ෂි සහ උගුර, කන, නාසය ආශි‍්‍රත වෛද්‍ය විසඳුම් ලබා දීම සඳහා කැප වූ විශේෂිත රෝහලකි. ඕනෑම ආකාරයක අක්ෂි සහ උගුර, කන, නාසය ආශි‍්‍රත ආබාධයක් සඳහා වෛද්‍ය සහ ශල්‍ය විසඳුම් ලබා දීමට නවීන තාක්ෂණයන් සහ ඉහළ පිළිගැනීමක් ඇති වෛද්‍ය මණ්ඩලයකින් රෝහල සමන්විත වේ. රෝගීන් හොඳින් රැකබලා ගැනීම සඳහා වසර ගණනක පළපුරුද්ද ඇති, ඉහළ සුදුසුකම් ලත්, මිත‍්‍රශීලී සහායක කණ්ඩායමක්ද රෝහල සතු වෙයි. නවීන තාක්ෂණික උපකරණ භාවිතා කරමින්, ඉහළ ගුණාත්මක සත්කාරයක් සමඟින් පුළුල් පරාසයක අක්ෂි සහ උගුර, කන, නාසය ආශි‍්‍රත ප‍්‍රතිකාර සේවාවන් රැසක් රෝගීන්ට ලබා දීමට ඔවුන්ට හැකි වේ.