මහනුවරට අධිවේගිය සමග නගරයේ තදබදය අඩු කිරීමට විකල්ප මාර්ග

    September, 21, 2015

    උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ තමාට මහා මාර්ග අමාත්‍යංශය හිමිවීමත් සමග මහනුවර අධිවේගී මාර්ගයට අනිවාර්යෙන්ම ප්‍රමුඛතාවය ලබාදෙන බවයි.

    මීට අමතරව, මහනුවර නගරයේ රථ වාහන තදබදය අඩු කිරීම සඳහා විකල්ප මාර්ග ඉදිකිරීම පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් තිබෙන බව අමාත්‍යවරයා මහනුවර පැවති උත්සවයකදී සඳහන් කළේය.

    මහවැලි ගඟ හරහා දොඩම්වල සහ හල්ඔලුව අතර ස්ථීර පාලමක් ඉදිකරන බවත් එම පාලම ඉදිකරන තෙක් ඉතාමත් ඉක්මනින් මෙම ස්ථානයේ තාවකාලික යකඩ පාලමක් ඉදිකරන බවත් කිරිඇල්ල අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.