මහනුවර අලුත්ම සුපිරි හෝටලය Jetwing Kandy Gallery ජනවාරියේ දී විවෘත වෙයි

    November, 4, 2019

    මෙරට ආගන්තුක සත්කාරක කර්මාන්තයේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෙට්වින් පවුලේ නවතම හෝටලය Jetwing Kandy Gallery එළඹෙන ජනවාරි 14 වනදා විවෘත කරනු ලබන බව එහි සභාපති හිරාන් කුරේ මහතා පවසයි.

    JETWING SYMPHONY PLC හි 2019 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව සඳහා වන නවතම මූල්‍ය වාර්තාව ප්‍රකාශයට පත් කරමින් හිරාන් කුරේ මහතා මේ බව අනාවරණය කර සිටී.

    අක්කර 1.9ක භූමි භාගයක් පුරාවට විසිරුණු මෙම හෝටල් සංකීර්ණය කාමර 26කින් සමන්විත වේ.

    මහවැලි ගංඟාව හා නකල්ස් කඳු පන්තිය මනාව දර්ශනය වන අයුරින් ඉදිකර ඇති Jetwing Kandy Gallery මහල් 4කින් යුතු පරිශ්‍රයකි.