මහනුවර ආසිරි රෝහලේ දී විවෘත කළ නවතම ශාඛාව සමඟ විෂන් කෙයා දිවයින පුරා විසිරි සිය ශාඛා ජාලය තවත් ව්‍යාප්ත කරයි

    January, 14, 2020

    ශ‍්‍රී ලංකාවේ අක්ෂි නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ වෙළඳපොළ ප‍්‍රමුඛයාවන විෂන් කෙයා ආයතනය මහනුවර ආසිරි රෝහලේ බිම් මහලේ ස්ථාපිත කළ නවතම ශාඛාව සමඟින් දිවයින පුරා විහිදී සිය ශාඛා ජාලය තවත් ව්‍යාප්ත කරයි. අභිනව විෂන් කෙයා ශාඛාව විවෘත කිරීමේ උළෙල විෂන් කෙයා ආයතන සමූහයේ සභාපති දසන්ත ෆොන්සේකා මහතා, මහනුවර ආසිරි රෝහලේ සාමාන්‍යාධිකාරී නලීන් පැස්කුවෙල් මහතා, සුවසෙවන රෝහලේ අක්ෂි විශේෂඥ වෛද්‍ය වී. ශිවන්ත මහතා සහ මහනුවර මහ රෝහලේ අක්ෂි විශේෂඥ වෛද්‍ය සමන් සේනානායක මහතා ඇතුළු ගෞරවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් ඉතාම උත්සවාකාරයෙන් පැවැත්වීය.

    මෙතෙක් කල් අක්ෂි සේවා ක්ෂේත‍්‍රයේ තත්ත්වය උසස් කිරීම සඳහා කළ සේවාව සහ නවීන තාක්ෂණයෙන් සපිරි නිරවද්‍ය අක්ෂි පරීක්ෂණ උපකරණ උපයෝගී කරගෙන පාරිභෝගිකයන්ට ලෝක මට්ටමේ විශිෂ්ට අක්ෂි ආරක්ෂණ සේවාවක් ලබාදීම නිසා ශ‍්‍රී ලංකාවේ අංක එකේ අක්ෂි සේවා සපයන්නා ලෙස ගෞරවාදරයට පත්වීමට විෂන් කෙයා ආයතනයට හැකියාව ලැබී තිබේ. ලොව පිළිගත් අංක එකේ අක්ෂි පළඳනා සන්නාමයන් ශ‍්‍රී ලංකාවට හඳුන්වාදීමේ පුරෝගාමියා ලෙස විෂන් කෙයා ආයතනය සැළකිය හැක. උසස් තත්ත්වය, ඉහළ නිරවද්‍යතාවයේ අක්ෂි කාච, ඇස් කණ්නාඩි සහ අවි කණ්නාඩි මෙම නව විෂන් කෙයා ශාඛාවේ දී මහජනයාට මිලදී ගැනීමේ අවස්ථාව සළසා ඇත. එමෙන්ම විලාසිතාවන්ට වඩාත් කැමති පාරිභෝගිකයන්ට ලෝකයේ විශාලතම අක්ෂි පළඳනා නිෂ්පාදක සමාගමවන ඉතාලියේ මිලානෝ නගරය කෙන්ද්‍රකොගෙත් ඛමංදඑඑසජ් සමූහය විසින් නිර්මාණය කරන නව විලාසිතාවන්ගෙන් සුසැදි ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි තෝරාගැනීමේ අවස්ථාව ද සපයා ඇත.

    ඡායාරූපය - (වමේ සිට දකුණට) ප‍්‍රධාන ආරාධිතයාවන විෂන් කෙයා ආයතන සමූහයේ සභාපති දසන්ත ෆොන්සේකා මහතා, මහනුවර ආසිරි රෝහලේ සාමාන්‍යාධිකාරී නලීන් පැස්කුවෙල් මහතා, සුවසේවන රෝහලේ අක්ෂි විශේෂඥ වෛද්‍ය වී. ශිවන්ත මහතා ඇතුළු කණ්ඩායම පීත්ත පටිය කපමින් ව්‍යාපර ආරම්භය සනිටුහන් කිරීම.