මහවැලි අධිකාරියට අනුබද්ධ සමාගම් 3ක් ඈවරයි

    September, 19, 2019

    ශ්‍රී ලංකා මහවැලි අධිකාරි පනතේ 13(18) වගන්තිය අනුව සංස්ථාපනය කොට ඇති, මේ වන විට පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක පවතින, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අනුබද්ධ සමාගම් වන සී/ස ස්වභාවික සම්පත් කළමනාකාර සේවා (පුද්) සමාගම, සී/ස මහවැලි වෙන්චර් කැපිටල් (පුද්) සමාගම සහ සී/ස මහවැලි ඉංජිනේරු සේවා (පුද්) සමාගම යන සමාගම් ඈවර කිරීම සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.