‘මහවැලි පොල්‘ කොටස් වෙළෙඳපොළට

    May, 16, 2019

    මහවැලි කොකනට් ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගම ලැයිස්තුගත කිරීම සඳහා ඉදිරිපත් කරන ලද අයදුම්පත, කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් අනුමත කර තිබේ.

    මේ අනුව මහවැලි කොකනට් ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගමේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 33,832,285 ක් හඳුන්වාදීමේ (Introduction) ක්‍රමවේදය අනුව කොටස් වෙ‍ළෙඳපොළේ දිරි සවි පුවරුවේ ලැයිස්තුගත කිරීමට නියමිතය.