මහාචාර්ය මලික් සම්පත් බැංකුවේ සභාපති ධූරයට

    April, 2, 2019

    මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකු සමාගමක් වන සම්පත් බැංකුවෙහි, නව සභාපතිවරයා ලෙසින් මහාචාර්ය මලික් කුමාර් රණසිංහ මහතා පත් කර තිබේ.

    ඊයේ (01) පැවති සම්පත් බැංකු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර, ඒ අනුව මහාචාර්ය මලික් රණසිංහ අද (02) දින සිට බලපැවැත්වෙන පරිදි සම්පත් බැංකුවේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ඇත.

    සිවිල් ඉංජිනේරුකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වන මලික් රණසිංහ මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු ද වේ.