මහා විජිත රජු මග යන ජනපති රනිල්

    October, 6, 2022

    ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් රට යළි ඔසවා තැබීම සඳහා තමන් අනුගමනය කරන්නේ බුදුරජාණන් වහන්සේ ෙපන්වා දුන් ක්‍රමවේදය බවත්, වැටී තිබුණු රටක් ගොඩනැංවීමේ දී මහා විජිත රජු විසින් අනුගමනය කරනු ලැබූ කරුණු කුරදන්ත සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අද (06) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කියා සිටියේය.

    මේ ආර්ථික අර්බුදයෙන් රට යළි ඔසවා තැබීම උදෙසා මම අනුගමනය කරන්නේ බුදුන් වහන්සේ පෙන්වා දුන් ක්‍රමවේදයයි.

    වැටී තිබුණු රටක් ගොඩනැංවීමේ දී මහා විජිත රජු අනුගමනය කළ කරුණු කුරදන්ත සූත්‍රය මගින් බුදුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.

    • යථා උපදෙස් පිළිගැනීම.
    • ගැටලුවේ යථා ස්වරූපය අවබෝධ කර ගැනීම.
    • ගැටලුව සමස්තයක් ලෙස ගෙන සැලැස්මක් අනුව විසඳුම් සෙවීම.
    • එම සැලැස්ම විශ්වාසයෙන් යුතුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරලීම.

    අපි අනුගමනය කරන්නේ මෙන්න මේ ක්‍රියාවලියයි.

    මේ ක්‍රියාවලියට ඔබේ උපරිම දායකත්වය ලබා දෙන ලෙස මම ඔබ සැමටම ආරාධනා කරනවා.