August, 20, 2019
ඉන්දියාවේ ප්‍රමුඛත ම බැංකු නොවන මුල්‍ය ආයතනයවන මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා ෆිනෑන්ශල් සර්විසස් (මහින්ද්‍රා ෆිනෑන්ස්) ආයතනය මෙරට ග්‍රාමීය සහ අර්ධ නාගරික වෙළඳපොළ ඉලක්කර ගනිමින් මෙරට ප්‍රමුඛත ම සමාගම් සමූහයක්වන අයිඩියල් ව්‍යාපාර සමූහයේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන අයිඩියල් ෆිනෑන්ස් සමග ඒකාබද්ධ ආයෝජනයකට එළඹ ඇත.
ඒ අනුව අයිඩියල් ෆිනෑන්ස් ආයතනයේ 58.2% ක හිමිකාරිත්වයක් සඳහා මහින්ද්‍රා ෆිනෑන්ස් ආයතනය 2021 වන තුරු රු. බිලියන 2 ක මුදලක් ආයෝජනය කිරීමට නියමිතය.
මුල්‍ය සේවා ක්ෂේත්රයේ මහින්ද්‍ර ෆිනෑන්ස් සතු වසර 25 කට අධික අත්දැකීම් සම්භාරය සහ අයිඩියල් ව්‍යාපාර සමූහය සතු මෙරට වෙළඳපොළ දැනුම මත මෙම ඒකාබද්ධ ආයෝජනය මෙරට ප්රමුඛ පෙළේ මුල්‍ය සේවා පිරිනමන ව්‍යාපාරයක් බවට පත්වනු ඇත.

ඉන්දියාවේ ග්‍රාමීය සහ අර්ධ නාගරික වෙළදපොළ ඉලක්කකර ගනිමින් ක්‍රියාත්මකවන එරට ප්‍රමුඛත ම බැංකු නොවන මුල්‍ය ආයතනයක් වන මහින්ද්‍රා ෆිනෑන්ස්, සිය ගෝලීය වර්ධන ක්රමෝපායට අනුව විදෙස් වෙළඳපොළ වෙත පිවිසීමේ අපේක්ෂාවෙන් පසු වූ අතර දෙරට අතර පවතින සංස්කෘතික සහ භූගෝලීය සමානකම් හේතුවෙන් ශ්‍රී ලංකාව එම ආයතනයේ පළමු තේරීම බවට පත් විය. මෙම ඒකාබද්ධ ආයෝජනය හරහා මහින්ද්‍රා ෆිනෑන්ස්, ඉන්දියාවේ සාර්ථක වූ සමාජය මුල්කර ගත් ව්‍යාපාරික ක්‍රමවේදය මෙරටදී ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි. එම ආයතනය දිනෙන් දින වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවලට ඔබින අසමසම සේවා රැසක් හඳුන්වා දී ඇති අතර එම සේවා පුළුල් ශාඛා ජාලය සහ උපරිම තාක්ෂණය හරහා පාරිභෝගිකයන් වෙත ළඟා කිරීමට
කටයුතු කරයි. ඉන්දියාවේ මිලියන 6.2 කට අධික පාරිභෝගික පිරිසකගේ ව්‍යවසාය අභිලාෂයන් මුදුන්පමුණුවා ගැනීමට අතහිත ලබා දී ඇති මහින්ද්‍රා ෆිනෑන්ස් ආයතනය ඇමරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 10 කට අධික වත්කම් ප්‍රමාණයක් කළමනාකරණය කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු නොවන මුල්‍ය ආයතනයක් වන අයිඩියල් ෆිනෑන්ස් (IFL) ආයතනය මෙරට ග්‍රාමීය සහ අර්ධ නාගරික අංශය ඉලක්කකර ගනිමින් 2012 මාර්තු මසදී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය. වාණිජ ට්‍රක් රථ, මෝටර් රථ, ත්‍රීරෝද රථ, යතුරුපැදි, රන් ණය සහ පුද්ගලික ණය යන එහි සේවා කළඹ එම ආයතනයේ ඉලක්කගත වෙළඳපොළ මැනවින් පිළිබිඹු කරයි. පසුගිය වසර හතක කාලය පුරා එම ආයතනය සවිමත් ණය ලබාදීමේ වාර්තාවක් මෙන්ම තිරසර ලාභ වර්ධනයක් ද හිමිකර ගෙන ඇත. රු. බිලියන 4.4 ක වත්කම් පදනමක් මෙන්ම රු. බිලියන 1.1 ක කොටස් පදනමක් ද එම ආයතනය සතුය. එහි ශාඛා ජාලය ශාඛා 10 කින් සමන්විත වන අතර ඉන් ශාඛා 9 ක් ම බස්නාහිර පළාතින් පිටත යාපනය, අනුරාධපුරය, කුරුණෑගල, බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය, මොණරාගල, ඇල්පිටිය, මාතර සහ මහනුවර යන ප්‍රදේශවල පිහිටා ඇත. එම ආයතනයේ සේවය කරන 142 ක් වූ කාර්යමණ්ඩලයෙන් වැඩි පිරිසක් ශාඛාවල සේවය කරති.
"මහින්ද්‍රා ෆිනෑන්ස් ආයතනය සිය සවිමත් මුල්‍ය සේවා අත්දැකීම් සහ නව්‍යකරණ සේවා හරහා ඉන්දියාවේ මෙන්ම එක්සත් ජනපදය වැනි වෙළඳපොළ තුළ ද මිලියන ගණනකගේ ජීවිත වලට අගයක් එක්කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ පුළුල් වර්ධනීය අවස්ථාවක් පවතින බවයි අපගේ හැඟීම. අයිඩියල් ෆිනෑන්ස් ආයතනය සතු දැනුම, අත්දැකීම් සම්භාරය සහ ශාඛා ජාලය නිසා ම ඔවුන් අපට සුදුසු ම හවුල්කරු බව අප තීරණය කළා. එම වර්ධනය සඳහා අවශ්‍ය ප්රාග්ධනය සහ විශේෂඥ දැනුම ලබා දීමට අප කැපවනවා" යනුවෙන් මහින්ද්‍රා ෆිනෑන්ස් ආයතනයේ උප සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ රමේෂ් අයියර් මහතා සඳහන් කළේය.
මෙම ඒකාබද්ධ ආයෝජනය පිළිබඳ අදහස් පළ කරමින් අයිඩියල් ෆිනෑන්ස් ආයතනයේ සභාපති නලින් වෙල්ගම මහතා ප්‍රකාශ කළේ, මන්දගාමී ආර්ථික වර්ධනයක් පවතින මෙවැනි අවස්ථාවක මහින්ද්‍රා ෆිනෑන්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ගත් කාලෝචිත තීරණය පිළිබඳ තමන් බෙහෙවින් සතුටුවන බවය. "ඔවුන් මෙම ආයෝජනය හරහා අසමසම ප්‍රවේශයක්, දැක්මක් මෙන්ම ප්‍රාග්ධනයක් ද අයිඩියල් ෆිනෑන්ස් වෙත පිරිනමනවා. 2021 ජනවාරි 01 වනදා වන විට සියලු ම බැංකු නොවන මුල්‍ය ආයතන රු. බිලියන 2.5 කප්රාග්ධන සංචිතයකින් සමන්විත විය යුතු වනවා. මෙම හවුල්කාරිත්වය සමග අයිඩියල් ෆිනෑන්ස් ආයතනය ඉතා කෙටි කාලයක් තුළ පළමු පෙළ මුල්‍ය සේවා සම්පාදකයෙකු බවට පත්වනු ඇති. රථ වාහන සඳහා මෙන්ම මුල්‍ය අංශය සඳහා ද මහින්ද්‍රා සමූහය සමග අත්වැල් බැඳ ගැනීමට හැකි වීම පිළිබඳ අප බෙහෙවින් ආඩම්බර වනවා"
"මුල්‍ය සේවා ව්‍යාපාරවල පදනම විශ්වාසය සහ විනිවිදභාවයයි. මහින්ද්‍රා සමූහය එහි පරිපාලන උසස් බව සඳහා කීර්තිමත් නාමයකට හිමිකම් කියනවා. අයිඩියල් ෆිනෑන්ස් සහ මහින්ද්‍රා ෆිනෑන්ස් ආයතන එක්ව ප්රමුඛ පෙළේ මුල්‍ය සේවා ව්‍යාපාරයක් ගොඩනගනු ඇති බව මාගේ විශ්වාසයයි" යනුවෙන් මහින්ද්‍රා ෆිනෑන්ස් ආයතනයේ විධායක අධ්යක්ෂ සහ ප්‍රධාන මුල්‍ය නිලධාරී කේ. රවී මහතා ප්‍රකාශ කළේය.
අයිඩියල් ෆිනෑන්ස් යනු පසුගිය වසර හතක කාලය පුරා සවිමත් වත්කම් පදනමක්, සංස්කෘතියක් සහ කළමනාකරණ කණ්ඩායමක් සමග තිරසර වර්ධනයක් අත්කර ගත් ආයතනයක් බවත්, මෙම හවුල්කාරිත්වය සමගින් පරිණත, නවෝත්පාදන සහ වෙළඳපොළ නායකත්වයක් සහ ක්ෂේත්රයේ විශිෂ්ටත ම ක්‍රමවේද හරහා පාරිභෝගිකයන් හට උපරිම සේවාවක් පිරිනැමීමටත් කටයුතු කරන බවත් අයිඩියල් සමූහයේ නියෝජ්‍ය සභාපති අරවින්ද ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කළේය.
Video Story