October, 4, 2022
ආසියානු සංවර්ධන බැංකුව විසින් සපයනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 50ක අරමුදල් භාවිත කරමින් 2022/23 මහ කන්නය සඳහා අවශ්‍ය මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) පොහොර මෙට්‍රික්ටොන් 40,000ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා 2022.06.20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දෙන ලදී.
ඒ අනුව, නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව Ameropa Asia pte. Ltd සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස වාරිමාගර් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
Ameropa Asia pte. Ltd යනු ජාත්‍යන්තර කෘෂි ව්‍යාපාරයන්හි නිරත සිංගප්පූරුව මූලස්ථානය කර ගත් සමාගමකි. එහි මෙට්‍රික් ටොන් මිලියන 1.8 ක වාර්ෂික ධාරිතාවයකින් යුතු පොහොර නිෂ්පාදනාගාරය රුමේනියාවේ පිහිටා තිබේ.
Video Story