February, 14, 2017
සිය සමාගමේ කටයුතුවලට සීමාවන් පනවමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන තිබෙන තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
මෙහිදී වැඩිදුරටත් සමාගම විසින් දන්වා ඇත්තේ මහ බැංකුව විසින් ගෙන ඇති මෙම පියවර හේතුවෙන් සමාගමේ ව්‍යාපාරික කටයුතුවලට බාධා ඇතිවන බවත් එම නිසා සමාගම බංකොලොත් තත්ත්වයට පත්විය හැති බවත්ය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, මහබැංකු අධිපතිවරයා ඇතුළු 13 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබේ.
මෙම පෙත්සම සලකා බැලීම පෙබරවාරි 20 වන දින සිදුකිරීමට නියමිතය.
මහ බැංකු බැඳුම්කර සිදුවීමට අදාළව මේ වන විට පරීක්ෂණ තුනක් පැවැත්වෙන බවත්, මීට සම්බන්ධ ප්‍රාථමික නිකුතු ආයතනය වන පර්පචුවෙල් ට්‍රෙෂරීස් හි කටයුතුවලට සීමාවන් පනවා ඇති බවත් පසුගියදා පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය.
Video Story