මහ බැංකුවෙන් බැංකුවලට නියෝගයක්

    May, 9, 2022

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සිය අභිමතය පරිදි ගෙවීම් සීමා කරමින් බලපත්‍රලාභී වානිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත නව නියෝග නිකුත් කර තිබේ.

    ඒ අනුව 2022 වසර සඳහා මූල්‍ය ප්‍රකාශන/අතුරු මුල්‍ය ප්‍රකාශන එහි බාහිර විගණකවරයෙකු විසින් අවසන් කර විගණනය කරන තෙක් මුදල් ලාභාංශ ගෙවීම කල් දමන ලෙස බැංකුවලට දන්වා ඇත.

    මීට අමතරව තමන්ගෙම් කොටස් නැවත මිල දී ගැනීමෙන් වළකින ලෙස මහ බැංකුව විසින් බැංකුවලට නියෝග කර ඇති අතර කළමනාකරණ දීමනා සහ අධ්‍යක්ෂ මණ්ඩලයට සිදුකරන ගෙවීම් ඉහළ නැංවීමෙන් ද වළකින ලෙස දැනුම් දී ඇත.

    අදාළ සම්පූර්ණ චක්‍රලේඛය පහතින් දැක්වේ.