September, 20, 2019
සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී වෙත මූල්‍ය ව්‍යාපාර සඳහා දී තිබෙන බලපත්‍රය අවලංගු කරනු ලබන බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය දා දැනුම් දී තිබුණි. සමාගමේ මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබුණු අතර ඊට ප්‍රතිචාර දක්වමින් සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සිය විරෝධතාවය පළකරනු ලැබීය. එහිදී සමාගම වැඩිදුරටත් කියා සිටියේ සිය බලපත්‍රය අවලංගු කිරීම සම්බන්ධයෙන් විරෝධතාවය දක්වනු ලබන බවත් තම සමාගමේ මූල්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා නව ආයෝජකයෙකු සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්ය.
මේ අතර සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම විසින් එහි ප්රාග්ධනය වර්ධනය කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකා බැංකුව ඊයේ (19) දින ප්‍රකාශ කරන ලදී. තැන්පත්කරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නියම කරන ලද්දා වූ කාල රාමුවක් තුල එම ප්‍රාග්ධන වර්ධනය කිරිමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ආයතනය වෙත අවස්ථාවක් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Video Story