මහ බැංකුවේ ඩොලරයේ මිලත් ඉහළට

    June, 15, 2023

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (15) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 311.60 ක් සහ විකුණුම් මිල රු. 328.92 ක් ලෙසින් වාර්තා වී තිබේ.

    ඊයේ (14) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයක ගැනුම් මිල රු. 303.19 ක් හා විකුණුම් මිල රු. 318.99 ක් ලෙසින් සටහන් ව තිබුණි.