මහ බැංකුවේ දත්ත මහජනයාට විවෘතයි

    February, 23, 2017

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2017 පෙබරවාරි 20 වැනි දින සිය නිල වෙබ් අඩවිය තුළින් මහජනතාවට පිවිසිය හැකි දත්ත සංචිතයක් දියත් කරන ලදී.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම දත්ත සංචිතය, මූර්ත, මුදල්, රාජ්‍ය මූල්‍ය, විදේශ සහ මූල්‍ය යන අංශ ආවරණය කරන විවිධ මාතෘකා යටතේ වන කාලශ්‍රේණි දත්තවලින් සමන්විත වඩාත් සවිස්තරාත්මක දත්ත ගබඩාවකි. එමගින් දත්ත අවශ්‍ය පරිදි තෝරා ගැනීම, සංඛ්‍යා සටහන් සකස් කිරීම, භාගත කිරීම සහ අනාගත පරිශීලනය සඳහා ගබඩා කිරීම වැනි විවිධ අවශ්‍යතාවයන් සඳහා පහසුකම් සලසා ඇත.

    දත්ත භාවිත කරන්නන්ට ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය www.cbsl.gov.lk තුළින් හෝ විශේෂයෙන් https://www.cbsl.lk/eresearch යන ඇමුණුම තුළින් දත්ත සංචිතය වෙත පිවිසිය හැකිය.