July, 12, 2022
ශ්රී ලංකා මහ බැංකුව සතු සංචිත වත්කම් ප්රමාණය පසුගිය 2022 ජූනි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,859 ක් ලෙසින් සටහන් වන අතර එය මැයි මාසයේ පැවති ඩොලර් මිලියන 1,887 ට වඩා සුළු පහළ යාමක් වාර්තා කරයි.
එසේම ජූනි මාසය අවසන් වන විට මෙම සංචිත වත්කම් තුළ අන්තර්ගත වන විදේශ විනිමය සංචිතයේ වටිනාකම දැක්වෙන්නේ ඩොලර් මිලියන 1,750 ක් වශයෙනි. මැයි මාසයේ දී එය ඩොලර් මිලියන 1,776 ක් ලෙසින් වාර්තා වී තිබුණි.
කෙසේවෙතත් මෙම විදේශ විනිමය සංචිතය තුළ ඇතුළත් චීන මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.5කට සමාන විනිමය හුවමාරු පහසුකම භාවිතයට ගැනීමේ දී කොන්දේසි පවතින බැවින් මහ බැංකුව සතුව දැනට පවතින භාවිතයට ගත හැකි විදේශ විනිමය සංචිත ප්රමාණය ඩොලර් මිලියන 250කට සීමා වී ඇත.

Video Story