මහ බැංකුව ඩොලර් මිලියන 69 ක සංවර්ධන බැඳුම්කර විකුණයි

    March, 14, 2018

    2018 මාර්තු මස 07 දින විවෘතව 2018 මාර්තු මස 13 දින අවසන් වූ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙන්දේසියේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 69.1 ක ලංසු අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    කෙසේ වෙතත් මෙම වෙන්දේසිය සඳහා ඩොලර් මිලියන 75 ක බැඳුම්කර ඉදිරිපත් කර තිබූ අතර ඒ සඳහා ලැබී තිබුණු සමස්ත ලංසු වටිනාකම ඩොලර් මිලියන 179.18 කි.

    වසර 03 යි මාස 03, වසර 04 සහ වසර 05 යනා දී වශයෙන් පරිණත කාල තුනකින් මෙම සංවර්ධන බැඳුම්කර නිකුතුව සිදුකර තිබුණි. මෙහිදී වසර 03 යි මාස 03 බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 78.07 ක ලංසු ඉදිරිපත් වී තිබුණ ද ඒවා කිසිවක් අනුමත වී නැත.

    මෙම සංවර්ධන බැඳුම්කර සඳහා පොළී අනුපාතික තීරණය කිරීම, එක්සත් ජනපද ඩොලර් සඳහා වන මාස හයේ ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතිකයට වෙන්දේසියේ තරඟකාරී ලංසුවල ආන්තිකය එකතු කිරීමෙන් ලැබෙන අගය අනුව ස්ථාවර හෝ පාවෙන අනුපාතිකයන් වේ.